Friday, December 10, 2021

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 4

 "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 3


                                                   

මා හා උක්රේනු ජන ජීවිතය !

(පරිච්චේදය) 4

ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබන්න උක්‍රේනයට මම ආවාය කිව්වොත් ඔහේල මට හිනා වෙයිද මන්දා. එහෙමයි අපි ඒ දවස්වල කියා ගත්තේ.

මා උක්‍රේනයට පැමිනියෙ එලඹෙන ගිම්හානයේ දී විසාවක් අරගෙන එන්ගලන්තයට පැන ගන්න හිතාගනෙයි. ඒ දිනවල ගොඩක් දෙනෙක් උක්‍රේනයට ආවේ ඔන්න ඔය කාරනේටයි.

මා සමඟ ඔය ෆේජි පැමින සිටියෙත් ඕකටමයි. ඒ හේතුව නිසාවෙන්ම, ප්‍රශ්න ඇති කරන කාරනා වලින් හැකිතාක් ඈත්වී ඉන්නයි මා උත්සාහ කරේ. සාදයක දී ටිකක් තොල ගෑවත්, මම සල්ලාලයකු වගේ බොන්න ගියේ නෑ.

(සාදයක් නොතිබුනු දවසක් නැතිව තිබුනු එකයි ගැටළුවට තිබුනේ)

අනිත් කාරනා වලිනුත් මම ඈත්⁣ වෙලයි හිටියේ. ඒ කරුණේ දී මා ප්‍රතිපත්තියකුත් අනුගමනය කලා.

කාගෙත් පිළිගැනීමට අනූව, මා එහේ දී හොඳ ගති පැවැතුම් ඇති තැන්පත් චරිතයක්. එම හේතුවෙන්ම, පොදුවේ කවුරුත් මට ප්‍රියයි.

මෙහි දී කවුරුත් පිළිගත්තත් නැතත්, මේ කියන ඒ මොහොත වන තුරුත්, අවුරුදු 23 ක වයසකින් පසුවුනු මා, ලංකාවේ දී හෝ මාස 3 ක උක්‍රේන ජීවිතයේ දී හො වේවා ‘නොඉඳුල්’

වේලාව​: උක්‍රේන වෙලාව සවස 8.30

නියැලී සිටියේ,

‘ආගන්තුක සත්කාරයක් පිළියෙල කරමිනුයි, විශේෂ අවස්තාවකට ලක ලැහැස්ති වෙමිනුයි’

(දේවුෂ්කි (තරුණි) යන් දෙදෙනාම වයස අවුරුදු 18 කට වඩා නැති බව කියවුනා. ඒ උනාට උස මහතින් අම්මන්ඩිලා. තරුණියක් පැමින සිටියේ ඊගර් ගාවට නම්,

උක්‍රේනු ජන ජීවිතය

ඒ රැයේ දී එම තරුණිය තම මිතුරියව තනි කරයි නම්, ඒ කෙල්ල​? ඇය කොහේ නවතීවිද​? 'ඇය කරදරේ වැටැන්නැදද?' ලෙස හැදී වඩුනු පරිසරයේ ආභාශයට අනූව ප්‍රෂ්නයක් මකුවුනත්, එහෙම දෙයක් වෙන්නේ නැහ​.

තමාට ලැබෙන සුළු කාල අවකාශය තුල ඒකට පිළියමක් ඈ සොයා ගන්නීය.

කවුරුන් හෝ කෙනෙක් අනිර්වාර්‍යයෙන් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙනවාමයි. මොවුන් ඔවුන්ද එහෙනං? ලෙස අපට සිතුනත්,

ඒ ලෝප්‍රකට වචනය එහේ, ඒ උක්‍රේන රටේද, ඔවුන්ගේ භාෂාව තුලද ඒ අර්ථයෙන්ම කියවුනත්, මා එදා දුටු උක්‍රේන ජන ජීවිතයට අනූව, ඒවාට එහෙම මුද්‍රාවක් නෑ.

එහෙම මුද්‍රා තබනවා නම් මග ඇරෙන කෙනෙකුත් නැතුවා සේ. අප සංස්කෘතිය තුල විවාහයකින් පසුම සිදු විය යුතුයි සැළකෙන සමහර කරුණු, මල්වර වීමත් සමඟම උක්‍රේන තරුණියෝ කරගනී.

දෙමාපියන්ගෙන් හෝ ඔවුන්ගේ රජයෙන් ඕවාට බලවත් තහංචි ඇති බවක් දැනෙන්නටත් නොතිබුනි. 16 වඩා අඩු වයසේ ගෑණු ළමයෙක් රාත්‍රියක නවතා ගැනීම ඒ නීතියට අනූව වරදක් බව නම් දැනගත්තා

එනිසා, ඔවුන් අති සාමාන්‍ය දේවුෂ්කි(තරුණි)යන්‍ය​. කාලයක් ඒ පරිසරය තුල ජීවත් වුනු නිසාදෝ අපට ඔවුන්ව වපරැසකින් නොබැලුනි.

ඔවුන් ගෝස්ති (ආගන්තුක) ගෙන්වා ගන්න පුද්ගලයාට ඔවුන් වෙනුවෙන් උපරිමයෙන් වියදම් කරන්න සිදුවුනේ, එදින රාත්‍රි භෝජනයට අමතරව ෂැම්පේන් හෝ වොඩ්කා සමඟ සිගරට් කිහිපයක් පමනි

එදා උක්‍රේනෙය් තිබූ සරල ජීවිතයට අනූව වොඩ්කා බෝතලයක් අපේ මුදලින් රු 200 කට වඩා තිබුනද කියලා මගේ මතකේ නෑ. ෂැම්පේන් තරමක් මිළ බව නම් මතකයි

තරුණියන් පමනක් නොවෙයි, ස්වාමියන් ඇති zෂෙන්‍ෂිනි (ගැහැණියන්) පවා මෙලෙස ආගන්තුකයන් ලෙස පැමින යනවා සාමාන්‍යයයි

ඒවා එහේ සාමාන්‍යයකි. වානිජයක්/වෙළඳාමක් බඳුව දුටුවා මිසක් ආදරයක් සෙනෙහසක් මා නිදිටිවෙමි. ඔවුන්ව මට අගයෙන් නොපෙනුනි.

හැමදේම උක්‍රේන කියල මා හැඳින්වුවාට, අවුරුදු 26 කට පෙර, මා එහි සිටි ඒ කාලයේ උක්‍රාන්ස්කි (උක්‍රේනුවන්) පවා තමන්ව හඳුන්වා ගත්තේ රුස්කි (රුසියානුවන්) ලෙසිනි.

ඒ රුසියාවෙන් වෙන් වී සිටි අලුත නිසාම විය යුතුයි. පෙර දී ඔවුන් රුසියානුවන් නේ

ඉතින්, අහම්බෙන් ලැබුනු අවස්තාව ප්‍රයෝනයට ගන්න මා යුහුසුළුවෙන් සප්පායම් වෙමින් සිටියෙමි. උක්‍රේන කාන්තාවන් සාමාන්‍යයෙන්ම පියකරු (‘සුදු තමයි පියකරු’ ලෙස මා එදා හිතං හිටියා) නිසාද,

පලපුරුදු කම නැති නිසාද අහම්බෙන් ලැබුනු අවස්තාව වුනද ඉතා උවනාකමින් යොදවා ගන්න උත්සාහ ගත්තෙමි.

''අහම්බෙන් ලැබුන’’ බවක් සඳහන් කලේ, ඒකක් එක්තරා රාජකාරියක් වූ නිසයි, ඒ කාර්‍යය සඳහාත් තරමක වෙහෙසක් දැරිය යුතුව තිබුනි.

සවස් භාගයේ නා -ඌලිත්සේ (පාර තොටේ), පාර්ක් (උද්‍යාන) යේ ඇවිදමින්, පීවා(බීර​) බොමින් (හරියට මාළු දැල් විසිකරනවා වගේයි

අවස්තාව බලං ඉඳලා හරි එක්කෙනා හැඳිනගෙන ගෙන කතා බහ කර, හොස්ටල් එකට ගෝස්ති (ආගන්තුක) යන් කැන්දං ඒම තරමක වෙහෙසකාරි වැඩක්

තරුණියන්ට කතා කර, ඔවුන්ව පිලිසඳරකට හෝ රාත්‍රී භෝජනයක ඇරයුම් කිරීම ඒ රටේ සාමාන්‍ය කරුණක්ව තිබුනි.

ගෝස්ති ඇරයුම් කරන්නාට කිපීම් බැනවැදීම් වැනි කිසි දෙයක් ඔවුන් නොකරයි. සාදරයෙන් පිළිගැනීමට බැරිනම්, එය සාමාන්‍යව ප්‍රතික්‍ෂේප කරයි. නැති නම් වෙනත් දිනයක් ලබා දෙයි.

රුසියානුවන් බීර බොන්නෙ හරියට අපි වතුර බොනව වගෙයි, පේමන්ට්වල​, උද්‍යානවල, රීනක් (පොල​) වල​, කියෝස්ක් (පෙට්ටි කඩ​) වල​, අරහේ මෙහේ හැමතැනම ඕවා තියෙනවා.

මෙහේ වට්ටි අම්මලා ඉඳගෙන බුලත් විකුන්නන්නේ, අන්න ඒවගේ බාබුෂ්කි (මැහැල්ලී) ලා තැන තැන ඉඳං එහේ පීවා (බීර​) විකුනනවා.

ඉස්සර අපේ සමූපකාරවල බැරල්වලින් කරාමේ ඇරල ලාම්පු තෙල් දෙන්නේ මතකද​? එහේ සමූපකාරවල ඒ දවස්වල පීවා වික්කෙත් ඒ වගේයි.

ප්ලාස්ටික් භාවිතයක් නොතිබුන උක්‍රේනයේ අපි පීවා අරගෙන එන්නේ ලීටර් පහේ විශාල වීදුරු බොතල් වලයි, අපි එළ කිරි අරගෙන එන්නෙත් ඔය බොතල් වලයි.

මා එහේ දී දුටු විශේෂ ලක්‍ෂනයක් තමයි ශාක්‍ෂරතාවය, ඔවුන්ගේ ශාක්‍ෂරතා අගය ඉතා ඉහළ බවක් මට පෙනුනි. ලියන්න කියවන්න බැරි කිසි කෙනෙක් මා එහි දුටුවේම නෑ.

වයස 80ක විතර බාබුෂ්කියක් දේදුෂ්කෙක් වුනත් ඉතාමත් හොඳින් ලිවීම කියවීම කරයි. ගනු දෙනුවල දී ඔවුන් ගනන් හදන්න පාවිච්චි කලේ ''ඇබකස්'' ලෑල්ලයි.

බලන්න එපෑය අවුරුදු 90ක විතර ආච්චි කෙනෙක් 'ටික්, ටික්' ගාල ඇබකස් එකෙන් ගනන් හදන ලස්සන​.

අනෙක් ගැටලුව තමයි තරුණියන් සමූහයෙන් මුදවාගෙන ඒම​. තරුණියන් තිදෙනෙක් සිටියා නම්, ඒ තිදෙනාවම ගෝස්ති ගෙනියන්න ආදාල පුද්ගලයාට සිදුවෙයි.

එම නිසාම අපේ කට්ටිය ඇවිදීමට යන්නෙත් කිහිප දෙනෙක් එකතුවයි. වයස, ජාතිය, ආගම, වර්ණය, කිසිත් ඔවුන්ට ආදාල නෑ.

ආසන්න වනතුරුම කොමියුන්ට් වාදයේම රැඳී සිටි නිසාදෝ පොතේ පතේ උගත් දේ මිස ආගමක් දහමක් කිසිත් ඔවුන් නොදැන සිටියෝය.

ඒ දිනවල උක්‍රේන තරුණියන් zෂිමිලියාකී (සුජාතික) යින්ට වඩා ඉනස්ත්‍රානී (විජාතික) යින් සමඟ ඇයි හොඳයි කම් පවත්වන්නට කැමැත්තක් දැක්වූහ​.

සහවන්තයා මැදිවියේ හෝ මහළු වියේ වීම ගැන තැකීමක් නොතිබුනි. තමන්ගේම හැඩි දැඩි කඩවසම් තරුණයින් සිටියදී පිටස්තරයන් සොයා ඔවුන් ගියේ එතැන වඩා සතුටක් තිබේවි යයි සිතූ නිසයි.

විජාතිකයින් ලඟ මුදල් හදල් වැඩිපුර ගැවසුනු බව මතයක් එදා සිටි උක්‍රේනයේ තිබුනා. එදා තිබුනු සැබෑ තත්වය ඒකම වුනත්,

මා එහි සිටි 1994 වර්‍ෂය අවසන් වන්නටත් පෙරාතුව ඒ තත්වය වෙනස්වීගෙන යන බවක් මා හොඳාකාරව දැක්කා.

හැඩි දැඩි කියනකොටයි මතකෙට ආවේ, ඔවුන්ගේ හිටියා ''ෂහ්තියෝර්'' කියල හඳුන්වන පිරිසක්, ඌගල් (ගල් අඟුරු පතල්) වල සේවය කරන මොවුන් යෝදයෝ වගේයි.

දේහධාරී මොවුන් හරිම ශක්තිවන්තයි. අපට අතට අත දුන්නොත්, අපි කුඩා ළමයෙකුගේ අතක් අල්ලනවා වගේ ඔවුන්ට දැනෙනවා ඇති.

පොදුවේම රුසියානුවන්ට රළු කට හඬකුයි තිබෙනේ, මදිවට උගුරෙන් උච්චාරණය වන ඔවුන්ගේ භාෂාව, එකට තව තවත් රළු බව එක් කරයි.

කෙසේ නමුත්, පොදුවේම මනසින් ඔවුන් හරිම මෘදුයි, ඔවුන් මිත්‍රශීලියි, ආකල්ප අඩුයි. (ඒ සමාජවාදයේ ආභාෂය නිසාම විය යුතුයි

අපි කියන ඕනෑම බොරුවක් හිස මුදුනින් ඔවුන් පිළිගන්නවා. ස්ත්‍රී ආධිපත්‍යයක් මට ඉව වැටුනා. එහේ පිරිමීන් තමන්ගේ සත්‍රීන් ඉදිරියේ පූසෝ වගෙයි.

රාජ්‍ය ආයතනවල පාලන තනතුරු බොහෝමයන් ඉසුලුවේ සත්‍රීන් ලෙසයි මා දුටුවේ

නොකීවාට මොකද​, මිතුරන්ගේ පෙරැත්තය නිසාම මං ඉදිරිපත් වුනා මිසක්, ඔය කාරණය මගේ කැමැත්තම නොවුවෙය.

රියාල් ඕවා පස්සෙන් යන්නේ නැති එකා උනත්, ඇවිදින් මට කිව්වේ, උක්‍රේනයට ආවා නම් ඕවායේ අත්දැකීම් තියෙන්න ඕනෑය කියලයි.

ඒ රැය ගත කරන්න තමා වෙන කාමරයකට යන බවත් ඔහු පැවසුවා, ඒ මා දිරිමත් කරන්න තිබුනු උවමනාවටයි.

zසියාඩ් ගැන කියන්නත් ඕන නෑ, ඌ ඕවට මාස්ටර්. ඔහු මට ලෙක්චර් දෙන්න පටං ගත්තා.

ඊගර් නම් ආවේ ආදරේකට නෙවෙයි, නැත්නම් නම් මිනිහගේ වැඩේත් සුංනේ! ඒකයි.

'අහිංසකයෙක් නරක් කරන්න මුංගේ තිබුන උවමනාව යකෝ!

පව් කාරයෝ!

කොච්චර නැහැයි කිව්වත් ඉතිං, කුතුහලය කියන එකකුත් තියෙනවනේ. එයින් මෙයින් මමත් හා වුනා.

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 3

"විසිනව වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 2


ෆේජි !

(පරිච්චේදය) 3

ඕං ඉතිං කාමර අංක 4, කතාවේ හැටියට ඔය කාමරයේ ඉන්න ඕනේ මම නේ හරිනං! ඕං එහෙනං, ඔය කාමරය අයිති එක්කෙනා.

ඒ තමයි ‘රියාල්’ අපේ ලංකාවේ සම්මන්තුරේ පැත්තෙන් ඇවිත් හිටිය 'රියාල්' මට වඩා අවුරුදු අටකින් විතර වැඩිමල්.

රියාල් 'අකදේමියා'(ඇකඩමි) වේ මට අවුරුද්දක් ඉදිරියෙන් සිටියේ. කොට මහත​, කකුලේ තිබුනු ගල් තැලුම් නිසා අමාරුවෙන් ඇවිදින රියාල්​, පෙනුමක් ඇති පුද්ගලයෙක් නොවූවේය​.

ඔය කාමරය වගේම ඔය කාමරයේ තිබූ බඩු බාහිරාදිය​ සියල්ල රියාල්ගේ ඒවාම විය​. රියාල් අහිංසකයෙක්.

ඔය කෝම්නතය​(කාමරය​) රියාල්ගේ නම්, මම කොහොමද ඔතෙන්ට ආවේ​​? ඒ වග කියන්න නම්, තව විශේෂ පුද්ගලයෙක් ගැනත් කියන්න වෙනවා.

ඒ තමයි 'ෆේජි' (ඒ ෆේජී, තමාට තමාම තියාගත්තු නමක්) හැදුනු වැඩුනු ෆෙජීගේ වයස අවුරුදු 21යි. ආවේ අක්කරෙයිපත්තුවෙන්.

ෆේජීයි මමයි උක්‍රේනයට ආවේ එකටයි​. ෆේජිගේ අප්පච්චි පුත්තන්ඩියාව බලා ගන්න කියලා මටයි බාර දුන්නේ. ලංකාවේ දී ෆේජි හිටියේ නිකං හාවෙක් වගෙයි.

ආවායින් පස්සේ නේ වැඩේ තේරුනේ, ඕකා නාහෙට අහන්නැති එකෙක්.1993 දෙසෙම්බරයේ අකදේමියාවට ලියාපදිංචි වුනු අපි දෙන්නටම​ ලැබූනේ 3 වන එතාෂ්zෂ් (මහල​) යේ කාමරයක්.

ලංකාවෙන් අරගෙන ගිය බඩු බාහිරාදිය පිළිවෙල කරගෙන අපි එහේ නැවතුනා.

මේ ‘ෆේජී’ එක තැන හිටියේ නෑ, ආපූ දවසේ ඉඳලම මූ එහේ මෙහේ යනවා, බීගෙන ඇවිත් මග්නිතෆෝනය (හයිෆයි සෙට් එක) දාගෙන නටනවා.

රුසියානු අකුරක් ඉගෙනගෙන නෑ (රුස්කීන්ට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බෑ) රුස්කී කෙල්ලෝ කාමරේට එක්කං එනවා.​ සිංදු අහන්න, ජීවිතය විඳින්න මාත් කැමැතියි, ඒත් මූ වගේ බෑ.

මට ෆේජී එක්න ඉන්න එක වදයක් උනා. පියා බාර කලාට, මට බැරිවුනා ඕකව මෙල්ල කරන්න.​ කියන දෙයක් අහන එකෙක් නෙමෙයි මේකා.

ඕකා zසියාඩ්ට අන්තයි. ඇවිල්ල සතියක් යන්ට මත්තෙන් හැම දේම පටං අරං. වසවර්තියත් එක්ක සතියකට වඩා මට ඉන්න බැරිවුනා.

මම කාමරය ඔහුටම දීලා ගියා රියාල්ගේ කාමරේට​. දෙකාන් (පරිපාලක​) ට කියල කාමරයක් ඉල්ල ගන්නකං රියාල් එක්ක ඉන්නම් කියලයි මගේ අදහස තිබුනේ.

රියාල්ගේ අකැමැත්තක් තිබුනෙත් නෑ ඔකට, කොහොමටත් රියාල් අහිංසකයා නේ. මම රියාල්ගේ බඩු මුට්ටු පාවිච්චි කලා වගේම​ කෑම​ වියදමේ ලොකු හරිය මම කලා.

ඒක රියාල්ට සහනයක් වුනා, එයින් ඔහු සතුටු වුනු බවත් මට තේරුම් ගියා.

එහෙයින්, වරදකාරී හැඟීමක් නැතිව දිගටම එහේ නවතින්නත් ​මට පුළුවන් වුනා. අනික, අපි දෙන්නට අනෙක් උවමනාවනුත් නොතිබුනු නිසා, තනි කාමර සොයාගෙන යන්න තිබුනු උවමනාව මට නැතිවම ගියා.

පසු කාලෙක 'යානා' කියල පොඩි හුරුබහුටි කෙල්ලෙක් එක්ක ෆේජී යාළුවුනා. ඇය සමඟ කාලයක් ෆේජී එකට සිටිය බව මට මතකයි. සුදෝ සුදු බෝනික්කියක් වගේ හිටි යානා තම 14 වෙනි උපන් දිනය සැමරුවේ ෆේජී සමඟ ඔහුගේ කාමරයේයි. එම උපන් දින සැමරුමට අමුත්තෙක් ලෙස මාද සහභාගී වුනා.


(ඉතිරිය සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 4)

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 2

"විසිනව වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 1



සතරවෙනි කාමරය !

(පරිච්චේදය) 2

හරි හැටි විදුලි එළියක් හෝ නැති අඳුරු පිවිසුමක් හරහා සෝපානයෙන්ද පඩි පෙලෙන්ද ලඟාවිය හැකි එවන් අඳුරු මැද zසාල් (සාලය).

පොදු මුළුතැන්ගෙයි 2ක්, පංති කාමරයක් සහිතව නිදන කාමර හතරකින් සමන්විතව 6ඒ, 6බී, 6සී, 6ඩී ලෙස වෙන් කර තනවා ඇති,

අතුරු සාලයන් හතරෙන් 6බී සාලයේ,

පදිංචිකයන් සියළු දෙනාගේ සහභාගිත්වයෙන් මේස පුටු සොෆා ආදිය යොදා, වෝල් පේපර් අලවා කාපට් අතුරා, ෆ්ලෝරසෙන්ට් ආලෝකයෙන් නහවාලූ.

ශීතකරණ, මයික්රෝවේව්, සපත්තු ඇඟලුම් රාක්ක සමන්විතව, දොර ජනේල් බැල්කනිය, පිළිවෙලකට අලංකාරව තබාගෙන ඇති ඒ පරිශ්‍රෙය්.

(එය හාත්පසින්ම වෙනස් පරිසරයකි)

වෝල් පේපර් අලවා කාපට් අතුරා, රූපවාහිණියක්, අල්මාරියක්, කැබිනෙට්ටුවක්, කැසට් රෙකෝඩරයක් තිබුනද,

තැනින් තැන ගමන් මලුද තවත් දේවල්ද කිසි පිළිවෙලක් නැතිව තබා ඉඩ අහුරා යාබද සාලයටත් නිගා කරමින් විකාරව තිබූ අංක 4 කාමරයේ,

පෙති කල​ යාබ්ලකා(ඇපල්)ගෙඩි කිහිපයක්, නපීතක් (පළතුරු බීම​​) ස්තකාන්ස්කි(වීදුරු) 20 LM (සිහරේට්- සිගරට් වර්ගයක්) පැකට් එකක්,

අලි සයිස් 'ස්පීච්කි (ගිනිපෙට්ටි) යක්, අතුරා තිබූ වීදුරු ටීපෝවක් ඉදිරියේ ඇති ඇඳක් ලෙස අකුලා දිග ඇරිය හැකි සෝෆා සැටි⁣යේ,

''සඳ කුමාරියක් දීගෙක යනවා,
රබන් සුරල් හඬ රැව් දෙනවා,
තුරු ලතා මඩුල්ලේ''

('ප්‍රින්ස්’ පසුබිම සංගීතවත් කරගෙන සිටියේය​)

කෝම්නතා (කාමර) අංක 1කේ හිටියේ ශිෂ්‍යයෙක් බවට​ ව්‍යාජ ලියාපදිංචියක් ගෙන සුළු වෙළඳාමේ නිරතවෙමින් සිටි​ ඊගර්. ඔහු උක්‍රේනුවෙකි.

ප්‍රතම විවාහයෙන් දික්කසාද වී සිටින ඊගර් නේවාසිකාගාරයේ තනියෙන් ජීවත් වෙයි. ඊගර් ඉක්මනින් කලබල වෙන, නිතරම සැකෙන් බලන,​ ඉඳ හිට සියුම් ඊර්ෂියා පාන​ එක්තරා බොළඳ පුද්ලයෙකි.

වයස 28ක් වූ මොහු පිරිසිදු භාවය​ ගැන බොහෝම ​සැළකිලිමත් වෙයි. ඔහු තම මතයේ දැඩිව සිටින පුද්ගලයෙකි.

ඔහුගේ අසාර්ථක පළමු විවාහයට හේතු කාරකත් ඔහුගේ ඔය ගති ලක්ෂනමද කියලත් සිතෙයි.

ප්‍රීවියත්! (හායි) පකා! (බායි,චෙරියෝ) දෝබ්‍රි ඌත්රා! (සුභ උදෑසනක්) ස්පකොනොයි නොත්ච්! (සුභ රාත්‍රියක්)

මට්ටමින් තබා ගෙන සිටියොත්, හොඳින් ඉඳිය හැකි මුත්, ලංවී ගනු දෙනු කරන්න ගියානං තරහ කරගන්න වෙන, අමුතු චරිතයක් 'ඊගර්'

සතියට වරක් හෝ ඊගර් හොස්ටල් එකට 'දේවුෂ්කෙක්' (කෙල්ලෙක්) ව අඞ ගහගෙන එයි. සුළු පහේ භෝජන සංග්‍රහයක් කර, එම​ රාත්‍රියේ තමා සමඟ ඈව තියාගන්නා ඊගර්,

පසු දින උදයම ඇයව ඔහු පිටමන් කරන්නේ අප අවදි වන්නටත් පෙරාතුවයි.

ඒ, ඊගර්ගේ හැටියක් වන අතර මෙය ඔහුගේ සතියේ චර්‍යාවන්ගෙන් එකක්. එකම ස්ත්‍රීය නැවතත් මොහු එක්කං එනවා මං දැකලා නැහ.

උක්‍රේන ජාතිකයන් විවිදත්වය ප්‍රිය කල බවට මෙය එක්තරා සාදකයක්​. විවාහ භන්දනය තුල සිටිය පයා විවිදත්වය සොයා දෙන්නා දෙපැත්තේ යෑම එදා මා සිටි උක්‍රේනෙය් සාමාන්‍ය දෙයක්.

කාමර අංක 2 සිටියේ යෙමන් ජාතික zසමීර්, මොහු ගැන කියන්න මට වැඩි දෙයක් නැත්තේ, ඔහු සමඟ මා වචන හුවමාරු කර ගත්තේ බොහෝම සීමිත නිසයි. මොහු අනුයුක්ත වී සිටියේ වෛද්‍ය පීඨයටයි.

සිකුරාද සවස තම පදෲගා (මිතුරිය​​) 'කාත්‍යා’ සම​ඟ අපේ හොස්ටල් එකට ඔහු පැමිනෙයි. ​​සඳුදා උදේම තම මිතුරියද කැටුව ඔහු නික්ම යයි. නැවතත් එන්නේ එළඹෙන සිකුරාදාවටයි.

වෛද්‍ය පීඨයට අයත් නේවාසිකයක කාමරයක් හිමි මොහු, ඉහත කී අංක 2 කාමරය අරගෙන තිබුනේ කාත්‍යා සමඟ නිදහසේ නැවැතුම් ගැනීමට​යි.

වෛද්‍ය පීඨයේ මොහු බෝධිසත්වයෙක් වෙන්නත් ඇති​ සමහරවිට, අපි නොදන්නවාට!

උක්‍රේන සාමාන්‍යයට අනූව මොහුට සිටියේ පස්තයාන්ස්කයා පදෲගා(ස්තීර මිතුරිය​​)කි.

'ස්තීර' කිව්වට විවාහයෙන් අවසන් වෙනවාම කියන එක නෙමෙයි අර්ථය, තරමක වැඩි කාලයක් එකට සිටීමයි.

කාමර අංක 3 සිටියෙත් යෙමන් ජාතිකයෙක්, ඔහුගේ නම 'සියාඩ්'. සියාඩ් අනුන්ට උදව් කරන හොඳ හිතක් තිබුනු පිස්සු පොරක්.

ඔහුගේ කාමරයේ මෙන්ම පොදු සාලයේ තිබුනු බොහෝ බඩු මුට්ටු ඔහුගේ ඒවාම විය​, කිසිම ගානක් නැතිව අපි ඒවා බාවිතා කරන්නේ අපේ ඒවා මෙනි.

ගමනක් යනවිට අපි අපේ කාමරයේ දොර වසාගෙන යනමුත් ඔහු කිසි දිනක එය නොකරයි. බැහැරව​ යනවිටත් ඔහු අපට කියල යන්නේ '

'උවමනා යමත් ඇත්නම් අරගන්න’ කියලයි.

සැහැල්ලුව විනෝදකාමීව ජීවත් වෙන්න කැමැති zසියාඩ් නිහතමානීයි, ‘සියාඩ්’ වලියට බර එකෙකි.
බීගත්තු වෙලාවක,

අහල පහල උක්‍රේනුවන් සමඟ zසියාඩ් වලියට යයි, මැදට පැන දෙපැත්ත සමදාන කරන්නේ බොහෝ විට මමයි.

විහිළුව නෙවෙයි කියන්නේ, බීගත්තු නිසානේ මූ රන්ඩු උනේ, ඉතිං පසුවදා ආයෙත් බීපංකෝ අපි, ඒ රන්ඩු කර ගත්තු එවුනුත් එක්ක.

කියන්නේ නම් කොම්ප්‍රෝමයිස් ෂොට් එක​​​ කියල.
ඕක ෂොටයකින් නවතින්නෑ, හවස් වෙනකං යනවා පාටිය.

සමහරවිට, පහුවදා උදේම 'පහඃමලීත්සා' (හිසේ ඇම්ම නැති කරන උදේට බොන, බෙහෙත් ෂොට් එක​) අන්න ඒකත් අපිට​ බොන්න සිදුවෙනවා.

බොන්න උවමනාවට රුස්කීන් (රුසියානුවන්) එක එක නම් හදාගෙනයි තිබුනේ. රුස්කීන්ට නම් වොඩ්කා බොන්න හඃලේබ් (පාන්) පෙත්තකුයි, අගෲස්කි (පිපිංඤා (විනාකිරිවල පදම් කල​)) තිබුනොත් ඇති.

ඉතිං මං මෙතන කියන්න ආවේ, zසියාඩයා රුස්කීන්ට අන්තයි බව කියන්නයි. ඊගර් වගේ නෙවෙයි මූ, බර හැදුනාමයි පිට්ටනි හොයන්නේ ගන්නේ. වෙරි වැඩි උනාම රෑ දෙගොඩ ජාමේ අපිවත් එක්කං මූ යනවා හොස්ටල් එක වටේ.

පුදුමයි කියන්නේ, මූ හරියටම​ දන්නවනේ හොස්ටල් එකේ කෙල්ලොන්ගේ කාමර​. අහවල් කාමරේ ඉන්න අහවල් එකීගේ නම කියල කතා කරනවනේ හරියටම​.

කොහොම නමුත් අවසානයේ මූත් පස්තයානාවක් (ස්තීර) එකක් සමඟ සෙට්ල් වුනා. ඒකෙන් මූගේ කරච්චලෙන් අපිත් නිදහස් උනා.

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 1

"විසිනව වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"



උක්රේනය !

(පරිච්චේදය) 1

එදා, 1994 ක්‍රිස්තු වර්ශයේ මාර්තු අට වෙනි දිනයි, අප එදා සිටී පරිසරයට අනූව, එදින​ ''වස්මෝවා මාර්තා'' (මාර්තුවේ අට) යි. එය බවලත්තන්ගේ දිනයයි,

ස්ත්‍රීන් වර්ණනාවන්ගෙන් නැහැවෙන​, ​ආවතේව ඝරු බුහුමන් උපරිමයෙන් ලබන​, එය ඔවුන්ගේම දිනයයක් විය. එදින​, පුරුෂ පක්ෂය විසින් ඥාතීත්ව, මිත්‍රත්වයන්ට අනුකූලව,

කේජු-කැවිලි, මාල-වලළු, මුදු-කරාඹු, ඩෙනිම්-බොටොම්, රෙද්ද-හැට්ට​, සාය-සෙරෙප්පු, සෙන්ට්- පවුඩර්, පුෂ්ප​-කලඹ වැනි තෑගි බෝගද​.

හාදු-මෝදු, වැඳුම්-පිදුම්ද, සුභම්-පැතුම්, අරව මේවා වැනි ආදර සංග්‍රහද ලබා දී තම ස්ත්‍රී පාක්ෂිකයන්ව සතුටු කරන දිනයයි. ​

අනෙක් තැන් කෙසේ වෙතත්, බටහිර යුරෝපය​ එසේමත් නැති නම්, මා එදා සිටී උක්‍රේනයට එය එවන්ම​ දිනයක් විය​.

මා ඉඳ​ සිටී තැන,

ලෝහ​​ තිරයට ආවරණයව සිට​ (පොලිස් කාරයාගේ උප්පරවැට්ටියකින්ද කොහිද)​ සී සී කඩ වූ රුසියාවෙන් මිදී.

ප්‍රතිපත්තිමය පෙරළියක්ද සමඟ, 1991 පටන් '​මාද දැන් ධනවාදියෙකි' කියමින්.

බොලඳ අඩි තබන, නවතම ගමනක් ඇරඹා ඇති වයස 3 කට වඩා නොමේරූ.

ආගමක් දහමක් මරණයක් මතු ජීවිතයක් නැතෙයිම නම්, මිහිමත සුරපුරයක් වූ ''උක්‍රේනයේ’’,

දනියත්ස්ක්,

දිස්ත්රික්ක සතරකින් සමන්විත දනියස්ක් මහදිසාවේ පරිපාලක​ දනියස්ක් දිස්ත්රික්කයේ ඇති 'ස්තූදියන්ත්චෙස්කි ගරදොෆ්' (ශිෂ්‍ය නගරය)​ ලෙස​ හඳුන්වනු ලැබූ,

බැලූ බැලූ හැම අතේම දිග ලෝම කබා​, කොට හම් කබා, කන් වසන විශාල ලෝම තොප්පි, බෙල්ල වටා මෆ්ලර්, කලවාවල තදට​ ඇඳී ස්කිනි, දනහිස තෙක් වසන හැඩ දැමූ සපත්තු පැලඳ, ක්‍රීම් පුයර තොල් සායම් සුවඳ තවරාගෙන​,

පසුවෙන්නට යන දේශනාව අල්ලගන්ට කඩිසර ගමනින් යන සුඛොමල ශිෂ්‍යාවියන්ගෙන්ද,

දිග ඝන කබා කන වසන ඝන තොප්පි, මෆ්ලර්, දනහිස දක්වා ඝන සපත්තු පළඳාගෙන,

''ඉදී, පභීස්ත්රේ, මීඃ, ඌzෂේ අප​zස්ධීලීඃ, භිල්යාත් (විගහට පලයං හු, අපි දැනටමත් පරක්කුයි)’’ලෙස,

ඉක්මන් කරවන​ මිතුරාගේ ගොරෝසු හඬ නෑසුනාක් මෙන් අතේ තිබුනු 'සිහරේට්'ටයෙන් තවත් උගුරක් අදිමින්,

සැහැල්ලු ගමන් යන කඩවසම් ශිෂ්‍යයන්ගෙන්ද,

රුසියානු ගෘහ නිර්මාණ ශිල්පය ගැන ලොවට කියන අලංකාර ගොඩනැගිළිවලින් පිරිපුන්, ​ඒ සුන්දර 'දනියත්ස්ක්' නුවර,

දපාෂ්,

ප්‍රධාන නගරයේ සිට​ ත්‍රිලේ බසයකින්, අෆ්තෝ බසයකින් හෝ ටැක්සියකින් ලඟා විය හැකි ප්‍රධාන නගරයෙන් තරමක් එපිට,

ගමක් හෝ නගරයක් ලෙස හැඳින්විය නොහැකිව තිබුනු තට්ටු නිවාසවලින් සමන්විත 'දපාෂ්’ වල,

නගරයේ තිබුනු අලංකරණය, තදබදය​, ගොඩනැගිලි, වාහනවල ශබ්ද​, සිසු සිසුවියන්ගේ උසුලු විසුලු සිනා හඬ,

කිසිවක් නැති නිස්කලංක පරිසයක, පොරෝගෙන හිම වස්සන තවමත් සීත ඍතුව පසුකරන "zෂිමා (සීත සමයේ)

මහ මෝසම් කාලයේ අප සවස් කාලයේ දකින්නා වැනි අහස් අඳුරක් මුළු දවාලෙම පතුරුවාගෙන, වියලන ලද පොල් කුඩු පුළුං එකතුව බිම එළලා,

සුදෝ සුදින් පලාතම ආවරණය කර ඇතිවා සේ දසුනක්, හිම වසා ඇති​ දපාෂය දවසේම​ දිස් කලේය.

සුළු සඳ එළියක දී පවා විදුලි ආලෝකයක් නොමැතිව රාත්‍රියේ පියමන් කල හැකි පරිසරයක් නිර්මාණය වී තිබුනේ,

සුදු හිම මත පතිත වන සඳ එළිය උපරිමයෙන් පරාවර්තනය වන්න වූ නිසාය.​

දේශගුණික විපර්යාසයන් නිසා නඩත්තු නොවී අඳුරුව දුඹුරුවී තිබුනු මහල් නිවාස​, කෙස් නැති තට්ටයන් මෙන් දිස්වුනු මුළුමනින්ම කොළ හැලී මොටු නොමැති ගස් වැල්,

හිමවලින් වැසී තැනින් තැන මතුවට පෙනුනු විදුලි හෝ දුර​කතන නඩත්තු කුටි,

අනාතව පෙනුනු කපා හෙලන ලද ගස්වල මහත අඩි දපාෂය මූසලව තබාගෙන උන්නෝය.

නොගිහින් බැරි නිසාම අපහසුවෙන් එළිබැස බෑගයක් උස්සං ඇවිදගෙන යන කබා තොප්පි කාර දේදුෂ්කෙක් (මහල්ලෙක්),

ලනුව අතේ අල්ලං සුනඛයගෙ වේගෙට ඔරොත්තු දෙන්න බැරිව ඌ පසු පසින් ඇදී යන ​කබා තොප්පි කාර බාබුෂ්කියක් (මැහැල්ලියක්),

ඉඳල හිටල ‘බෲම්ම්ම්’ හඬ නගමින් මද වේගෙන් දිව යන ලාඩා, වොල්ගා, මොස්ක්විච් (මෂ්ෂීනා(කාර්)) එකක්,

ඇරෙන්න මුළු වටා පිටාවම පාලුවට තිබුනි. මේ සවස් කාලයේ පෙනෙන දපාෂයයි.

රාත්‍රියට හොල්මනක් දෙකක් හරි යනව ඇති සමහරවිට, රෑ ජාමෙට නම් හොල්මන් යන්නෙත් නැතිව ඇති,

මොකද! ​පොරෝගෙන නිදාගන්න එක ඒ තරම් සනීපයි, ඒ තිබුනු සීතලේට.

​බැනියමක්, ටී ෂර්ට් එකක්, ස්වේටරයක්, බෙලි ආවරණයක්, බොටෝමයක්​, හිම කබායක්, කන් තෙක් වසන​ හිස වැස්මක්,

ඝන සපත්තු කුට්ටමක් හා අත් ආවරණ​ නැතිව ඒළි මහනේ අඩියක් වත් තියන්න බැරි, තද​ සීත බලෙන්ම​ රිංගා ශරීරයට කටු අනින කාලයක්.

මේ ඇඳුම් එකින් එක ඇඳගෙන එළි බහින්න අවමව පැය බාගයක්වත් ඕනෑ.

අපි මාලු, මස් ගත්තනම්, ඒව තියන්නේ අපේ බැල්කනියේයි, එළවලු පළතුරු තිබ්බත් නරක් නොවී නැවුම්ව තියෙන පරිසරයක්.

මේවා ගැන සිතෙනකොටයි තේරෙන්නේ අපි කොයි තරම් වාසනාවන්තයෝද කියා

ගොඩනැගිල්ල: අකදේමියාවට අනුයුක්ත සයවෙනි නේවාසිකාගාරය.

පිට අවකාශයට සම්භන්ද වන සෑම දොරක් ජනේලයක්ම සීතලයට ඔරොත්තු දෙනු පිනිස​, පලු දෙක ගානේ යොදා, තනවා ඇති බ්ලොක් ගල් කොන්ක්රීට් වලින් නිමවා,

රජයේ විශ්ව විද්යාලයට අනුබද්ධ​​​ මහල් අටකින් යුත් කලු දුඹුරටම පෙනුනු සයවෙනි නේවාසිකාගාරයේ,

පිට දොරෙන් ඇතුල් වී දෙවෙනි දොරින් මතුවට ඇති නේවාසිකාගාරය මතු කලේ හාත්පසින්ම වෙනත් පරිසරයකි. පිටත අවකාශයේ තිබුනු තද සීතල එහි නොතිබුනි​.

ගොඩනැගිල්ල පුරාවටම මධ්‍යම සැපයුම් පද්දතියක් හරහා සපයා තිබුනු තාපක රශ්මිය ශරීරයට සනීපයක් ගෙන​ දුනි.

ෆ්ලෝරසන්ට් එළියෙන් නැහැවී තිබූ බිම් මහලේ සෝෆා සැටිවල ඉඳං කුමන හෝ කර්තව්යයක් සඳහා රැඳී සිටින තරුණ තරුණියන්,

ඔවුන්ගේ කෙළිලොල් කතා හඬ පරිසරය පුරා පැතිර තිබුනේය​.

විරාමයක් නැතිව ඉහළ පහළ යන එන විදුලි සෝපානයේ දොර ඇරෙන වැසෙන සියුම් හඬ, එය තුලින් යන එන පිරිස්,

ඔවුන්ගේ ඉක්මන් අඩි ශබ්ද පරිසරයට කාර්යබහුල බවක් නිර්මාණය කර තිබුනි.

නේවාසිකාගාරයේ නාන කාමර පෙළ සකසා තිබුනේ ප්‍රධාන සාලයට යාබදව බැවින්, ඒ හරහා නිතර පහේ නාන කාමර වෙත එන යන​ තරුණ තරුණියන්ගේ පියමං හඬ,

එහි කාර්‍ය බහුල බව තව තවත් වැඩි කලේය.

ජම්පරයකින් බොටොමක් සමඟ නෑමට යන තරුණයන් වෙත පතිත වෙන අවදානය කෙසේ වෙතත්,

සුළු තන පටයක්, කෙටි තුවායක් පැළඳ සමහර කරුණු චායාවන් ලෙස දිස් කරමින්,

නාන්න ඇදෙන​ තරුණියන්ගේ දර්ශන ගත සිත පිනවනයි.

සේවා කාලයේ දී ලැබෙන සුළු විරාමයක දී ඕපාදූප කියමින් ''ප්චූස්' ගා කන තෙක් ඉස්සූ අතක් සැරෙන්
ව​නා​ සිනාසෙන,

'බාබුෂ්කි'ලාගේ කොක් හඬ, ඉඳ හිට කාට හෝ කඩා පනින කමින්දාන් (නිවාස පාලක​) ගේ ගෝරනාඩුව වින්දනයක් ඇති කලේය​.

ඉහළ මහල්වල මග්නිතෆෝන් (හයි ෆයි සෙට්) තුල යටි උගුරෙන් කෑ ගසන 'විට්නී හියුස්ටන්' අහසේ පාවෙන 'පෙට් ශොප් බොයිස්'

පඩි පෙල දිගේ දුවන 'හැඩවේ' මදිවට 'මෝරේ සීල්නී මරීයියා' කියමින් නටන 'යූරාද' අපේ කන්වලට ආයසයකින් කෙඳිරුවෝය.

ඒ නේවාසිකාගාරයේ බිම් මහලයි. ​

Sunday, March 22, 2020

මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි,

මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, මාව මනුස්සයකේ ලෙස දකිමි,

මා, ජීවයන් ජීවයන් ලෙසම දකිමි, 

මා, එවා සමාන බවත් දකිමි,

මා, එවාහි වෙනසක් නැති බවත් දකිමි, 

මා, ඒවා වටිනා බවත් දකිමි,

මා, ඒවා සුරැකිය යුතු බවත් දකිමි, 

මා, ජීවිතයට අරුතක් ඇති බවත් දකිමි,

මා, එය මගේ පූර්ව වගකීමක් ලෙස දකිමි,


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, මහා වසංගතයක් ලොව ඩැහැගෙන බව දකිමි, 

මා, එය කොවිඩ්-19 නම් කොරෝනාව බව දකිමි,

මා, එය වෙගයෙන් පැතිරෙන එකක් බවත් දකිමි,

මා, එය මහා විෂනකාරී වයිරසයක් බව දකිමි,

මා, ජාති, ආගම්, පාට එය නොසලකන බවත් දකිමි,

මා, එය දේශගුණයන් ආදාල නොකරන බව දකිමි, 

මා, දෙශ සීමාවන් එයට මායිම් නොවන බවත් දකිමි, 

මා, නන් දෙස එය පැතිරෙමින් ඇති බව දකිමි, 


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි,


මා, ජීවිත සිය දහසක් බිලිගෙන ඇති බවත් දකිමි, 

මා, ආරෝග්‍යශාලා වහ වහා ඉදිවන බව දකිමි,

මා, මෘතශරීඝාර පිරී ඉතිරෙන වග දකිමි. 

මා, දහනාඝාරයන් කාර්‍යබහුල වී ඇති බව දකිමි. 

මා, සහුර්දයන් මරණයන් වී ඇති වග දකිමි,

මා, සහුර්දියන් හටද වෙනසක් නෙවෙන වග දකිමි,

මා, බුරුතු පිටින් මිණී වැ⁣ලලෙන බව දකිමි,

මා, මිණිය නොව අළු පමනය ලැබෙන බවත් දකිමි, 

මා, 18/03 දිනක 475 අවසන් ගිය බවත් දකිමි,

මා, එදින අළුද නොලැබී අසරණ වූ ඉතාලියන් දකිමි,  

මා, චීනය පරදා ඉතාලිය පෙරමුන ගෙන ඇති බව දකිමි, 

මා, මිලාන් අද මිළාන වී ඇති අයුරු ශොක ඇසින් දකිමි, 


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා,කොරියාව,ඉරානය,ස්පාන්‍යය දකිමි,

මා, ප්රංශයද එක්සත් රාජධානියද දකිමි. 

මා, එක්සත් ජනපදයද මිදී නැති බවත් දකිමි, 

මා, මුදල් හදලින් සවුබර බවත් දකිමි,

මා, යුදමය බලගත්තු බවත් දකිමි, 

මා, නව තාක්ෂනික මෙවලම් අතැති බවත් දකිමි.

මා, නමුත් අසරණ ⁣වී ඇති බවත් දකිමි, 

මා, අන්ත පරාජිතයන් බව දකිමි,

මා, දන ගස්සවා ඇති බව දකිමි.


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, පියවි ඇස් නොදකින සතුරෙකු බව එය දකිමි,

මා, පෙරවුන්ට වඩා බරින් ඉහළ බවත් එය දකිමි,

මා, වාතයේ පැය 3ක ට වඩා ජීවයක් නැති වග දකිමි, 

මා, ඒ කොරෝනාව අද මහා මාරයෙක් බව දකිමි,


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, ආසියාව මගහැරී නැති බවද දකිමි, 

මා, මුතු ඇටයට රිංගා ඇති බැවින් බියකරුව දකිමි, 

මා, සාපේක්ෂව වේග ව්‍යාප්තයක්ද ඇති බව දකිමි, 

මා, 1,2,3.. හිස එසව අදට 70ක් ලෙස එය දකිමි,

මා, සුභදායී ඉහළ යෑමක් නොවන බවත් දකිමි,

මා, ජීවිත මහ අනතුරේ බවත් දකිමි,

මා, දැරීම පහසු නොවන වගත් මානසිකව දකිමි,

මා, මැඩපැවත්ව යුතුව ඇති බවත් දකිමි, 


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, සටන් කල යුතු බව දකිමි,

මා, ආවුද ආම්පාන්න අවැසි නැති බව දකිමි, 

මා, ස්වච්චාවෙන් ඉදිරිපත් විය යුතු බවත් දකිමි,

මා, එය මගේ යුතුකමත් බව දකිමි,

මා, මුඛාවරනයන් ආරක්ෂාවක් බවත් දකිමි, 

මා, සංවේදීකාරකයන් විෂ නාෂකයක් ලෙසත් දකිමි. 

මා, නමුත් නිවසේ සිටීමට වඩා කිසිත් නැතෙයි දකිමි,


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, ආහාර පාන අංග හිංග කං දකිමි,

මා, ජීවනොපායක් තිබිය යුතු බව දකිමි, 

මා, වැන්ද පුදා ගැනීම් අවැසි බව දකිමි, 

මා, යාත්නාවන් සිත සනසන බවත් දකිමි,

මා, නමුත් ආරක්ෂාව තහවුරු කල යුතු බව දකිමි, 

මා, එය ලබ්දියේ අංගයක් බවත් දකිමි, 

මා, සියදිවි හානිය වරදක් බව දකිමි,

මා, අනුන්ට කලද එය වරදක් බව දකිමි,

මා, ජීවි⁣තය වටීනා බවත් දකිමි,


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, නිවසේ කම්මැලි බව දකිමි, 

මා, 'ඇයි බං උඹ පනට එච්චර බය' අසන අයත් දකිමි,

මා, බය මගේ පන නිසාම නොවන බව දකිමි,

මා, මුළු මහත් මිනිස් සංහතිය නිසාම බව දකිමි, 

මා, මොවුන්ද එහි අඩංගු බව දකිමි,

මා, ⁣මෙය පතුරුවන සාදකයක් නොවිය යුතු බව දකිමි, 

මා, මෙය මුලිනුපුටා දමන සාදකයක් විය යුතු බව දකිමි,

මා, ආදාල අංශවලට භාදාවක් නොවිය යුතු බව දකිමි, 

මා, එය මගේ පරම වගකීම ලෙසද දකිමි, 


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, නිවාඩු අවභාවිතා වන බව දකිමි,

මා, සුරා සැල් පොලම් දකිමි,

මා, කීල්ස්,කාර්ගිල්ස් ෆුල් බව දකිමි,

මා, බඩු කඩද නොවෙනි බවත් බව දකිමි,

මා, පරිප්පු ටින් මාළු පෝලිම් පිරී සතොසයන් දකිමි, 

මා, පෙරුම්කායම් පොලිම්ද දකිමි. 

මා, මගුල් ගෙවල් බාල් පාටිද දකිමි, 

මා, මළ ගෙයක් මග ඇරිය නොහැකි බව දකිමි, 

මා,එකිනෙකා තෙරපෙන එක විමතියෙන් දකිමි,

මා, කෝවිඩ් මාරයා අතර නැති බව නස්චිතව නොදකිමි,


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, බැරෑරුම් බව නොපෙනෙන බව දකිමි,

මා,විහිළුවට ගෙන ඇති බව දකිමි,

මා, සැහැල්ලුවට ගෙන අරති බව දකිමි,

මා, තම නිවසට රිංගන තුරුද නොසැලකිල්ල ලෙස දකිමි,

මා, පනට ආදරේ බව දකිමි, 

මා, ඔබ ඔබට ආදරේ නැතිවද මසිත අසන  බව දකිමි,


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි, 


මා, සවස 6 ට රටටම ඇන්දිරියක් තිබෙන බව දකිමි,

මා, කැමැත්තෙන් බලා සිටි පලමු අවස්තාවක් බව දකිමි,

මා, සතියක් ඉහත පැනවුනා නම් තව හොන්දා ලෙස දකිමි,

මා, සිදුවිය යුතු දේ සිදුවෙනවාම බව දකිමි,

මා, අප දෑතේ කිසිවක් නැති බව මා දකිමි,

මා, සියළු දේ සිදුවන්නේ න්‍යායයනට බවත් දකිමි. 


මා, රටට වග කිව යුතු පුද්ගයෙකු වග දකිමි,



Friday, October 19, 2018

මගේ මව් බිම..!

''අප සම්භන්ද වී සිටින වට්සැප් සමූහයන් හරහා නොයෙකුත් දේ හුවමාරු වෙයි. ඒවායින් අපට සිනාව උපදවන අපව සිනාවට​ සලස්වන දේද හුවමාරු වෙයි. මා සම්භන්ද වී සිටින වට්සැප් සමූහයක් හරහා හුවමාරු වූ මාව සිනාසෙන්න සැළැස්වූ  තරමක් විනෝදකාමි නිර්මාණයක් මා ඔබ සමඟත් මේ ලෙස බෙදා ගනිමි...

උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උන්.. 

අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. 

මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි.....

බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ....

ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු කසුන් කියලා..

බහ තේරෙන කාලේ  ඉදන්ම  කියන්නෙම සුද්ද සිංහලලු..

අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..

 අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ....

අම්මයි තාත්තයි කල්පනා කලා මේක නං හොද වැඩක් නෙවෙයි.. 

පොඩි එකාව මොන්ටිසෝරි දෙකකින්ම හරවලා එව්වා..

ටීචර්ලා වත් දන්නෙ නැති වචන කියනවා කියලා....

ගෙවල් ලග ඉන්නවා පැන්සොන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක්.. 

දවසක් මේ අම්මයි තාත්තයි බොහෝම දුකෙන් ගියා මේ මහත්තයාව හම්බෙන්න.. 

ගිහිං කාරණය කිව්වා....

ඉස්කෝලෙ මහත්තයා ලග තිබුනා බොහෝම සරළ විසදුමක්....

මොකක්ද ....

 හැමදාම හවසට පොඩි එකාට ක්ලාස් එකක් කරනවා..උගන්වනවා හරියට කථා කරන විදිහ..

 කථා කරන භාශාවෙන්  බැරිනං , ලියන භාශාවෙන්  හරි....

 ඔන්න සති කීපයක් ගෙවිලා ගියා....

 අම්මලා තාත්තලා හිතපු නැති විදිහට කොල්ලා හොද වෙන්න ගත්තා.....

මූට දැං කථා කරන භාශාව  අමතකම වෙලා...කථා කරන්නෙත් ලියන භාශාවෙන්....

පියානනි.. මව්නි.. මා හට සෙල්ලම් බඩුවක් අවශ්‍යයි.. මා හට වැසිකිලියට යාමට අවශ්‍යයි...

අනේ අර අසරණ දෙමාපියන්ගෙ කන් වලට සිසිල් සුලං ධාරාවක් හැමුවා වගේලු මේ වචන ඇහෙද්දි....

මෙච්චර කල් පොඩි එකා නිසා නෑදෑයො යාලුවො අමතක කරලා දාලා හිටිය මේ දෙන්නා.. 

ඔන්න එක් සුවබර ඉරිදා දවසක උදෑසනින්ම යනවා නෑදෑ ගෙදරක....

බයික් එකේ තමා යන්නෙ..තාත්තා පදිනවා... 

පුතා මැද අම්මා බයිසිකලේ පිටිපස්සෙ....

අපේ රටේ පාරවල් පද්දතියෙ හොද කම නිසා බිත්තර පෙට්ටි 10ක් උනත් ඕනෙම පාරක බයික් එකේ ගෙනියන්න පුලුවන් නෙව....

තාත්තාත් පාගලා යනවා... 

පුතා වටපිට බල බල යනවා.. 

අම්මත් ඔහේ යනවා...

මග දිගට පුතාට බලන්න දේවල් ගොඩායි....

"පියානෙනි තෙල පෙනෙන රථය දුටුවාද ....?" 

"මව්නි අද දිනය ඉතාම සුන්දර දිනයක් නොවේද..."

  "පියානෙනි අප යන වේගය ඉතා මනහරය.. "

 "මව්නි අපගේ ගමන අවසන් වීමට තව බොහෝ වේලා ගත වේද.."

අම්මයි තාත්තයි තරගෙට උත්තර දෙනවා....මොනවා උනත් කොල්ලා හොදට කථා කරනවා නෙ...
ටික වෙලාවක් ගියා...

 පුතා තාත්තාට කථා කලා...

 "පියානෙනි... "

 "ඔව් පුතේ..."

"මගේ මව් බිම... "

"ඔව් පුතේ මේ මගෙ පුතාගෙ මව්බිම තමා.. "

ආයෙ ටිකකින් ආයෙ පොඩි එකා කථා කරනවා..

 "පියානෙනි.."

"මගේ මව් බිම... "

 තාත්තා.. "ඔව් පුතේ මේ පුතාගෙ මව්බිම තමා.. 

පුතාගෙ විතරක් නෙවෙයි.. 

අපි හැමෝගෙම සුන්දර මව්බිම..."

ආයේ ටික වෙලාවක් යනවා....

පුතා... "පියානෙනි අපේ මව් බිම.... "

මේ පාර තාත්තට ටිකක් මල පනිනවා.. ඇයි මෝඩයෝ.. මූ එකම දේ අහනවා නෙ....

"මං සැරයක් කිව්වනෙ.. මේ අපේ මව් බිම තමා පුතේ.. ආයෙ අහන්න එපා ඕක.."

ඔන්න ඉතිං පොඩි එකාගෙ දැහැන බිදුනා....

 "හු*** ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය... 


Wednesday, August 23, 2017

නිල් තල්මස් අභියෝගය​!


අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge 'නිල් තල්මස් අභියෝගය' හෝ Blue whale game 'නිල් තල්මස් ​තරඟය​' (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ​ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද​, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි.

පසුගිය ජූලි 26  තිරුවනන්දපුරම්හි මනෝජ් සී මානූ නම් 16 හැවිරිදි තරුණයා ගෙදර වහලයේ එල්ලී ගෙල වැල දාගෙන සිය දිවි නසාගෙන ඇත​. ඔහුගේ මව කියා සිටියේ තම පුතු අන්තර්ජාලය හරහා කිසියම් තරඟයක් ක්‍රීඩා කරන බව  තමා දැන සිටියත් මෙතරම් දෙයක් ඔහු සිදු කර ගනීයි කියා කිසිසෙත් නොසිතූ බවයි. වීදුරු කැබැලිවලින් තමාගේ අතේ ඔහු කැටයම් කරගෙන තිබූ දසුන තමා දුටු බවත් ඇය පැවසූවේ හැඬූ කඳුලෙනි. තරඟ අවසානයේ එක්කෝ කෙනෙක් මරුමුවට පත් කල යුතුයි හෝ තම දිවිය නසා ගත යුතුව ඇති  බව තම පුතු කියා තිබුනා තමාට මතක බවත් එම මව වැඩි දුරටත් කියා සිටියාය. අවුරුදු 22ක් වියති සවන්ත් ගෙදර බල්කයේ එල්ලී මිය යාමද සිදුවන්නේ මෙම​ කේරලයේමය​, එයටත් හේතු කාරකයාද මේ නිල් තල්මසාමයි. ඉන්දියාවේ පළමු නිල් තල්මස් සිය දිවි හානිය වාර්තා වන්නේ මුම්බායිහිය. ලොව නන් දෙසින් මෙවන් අවාසනාවන්ත මරණ සිය ගනන් වාර්තා වන්නේ මේ නිල් තල් මස් අභියෝගය හේතුවෙනි.

Tuesday, February 21, 2017

මට හිතෙන හැටි ගැන මට හිතුනු හැටි!


   වෘතියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකු වන සංගි ගුණසේකර බ්ලොග් කරුවෙකු වශයෙන් සිංහල බ්ලොග් ලෝකය තුල තම පළමු පියවර තබා ඇත. බ්ලොග් ලෝකයේ ඉන්න අනෙකුත් බ්ලොග් කරුවන් මෙන්ම සුන්දර මනසක් හිමි චාම් දිවිපෙවතක් ගෙවන සංගි ගුණසේකර ගීත ලෝලියෙකුද වෙයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යමක් හෝ දෙයකින් දිනපතා දැනුවත් විය යුතුද, ජීවිතයේ අපට බැහැර කරන්නම බැරිද​, එකක් වෙයි.  බ්ලොග් අවකාශයේ අප සමඟ සිටින වෛද්‍යවරුන්ගේ අත්දැකීම් එකක් වන අතර සෞඛ්‍ය පරීක්‍ෂක වරයෙකුගේ අත්දැකීම් තව එකකි​. සෞඛ්‍ය සේවයේ කාලයක් නිරත වෙමින් තවමත් ඒ සේවයේම ඉන්න සංගි ගුණසේකරට ඒ ආශ්‍රිත අත්දැකීම් සම්භාරයක් තිබේ.

මොහු ගැන වැඩි විස්තර මා මෙතන නොලියන්නේ, තමා ගැන විස්තාරාත්මක හැඳින්වීමක් කරන්න ලිපියක අවකාෂයක් ඔහුට ඉතිරි කරනු පිනිසයි, එමගින් බ්ලොග් ලෝකයට තම දෙවනු අඩියත් ඔහු තබනු ඇත. එහෙයින් මොහුගේ ජීවිතයේ මොහු විඳී අත්දැකීම් එකින් එක බ්ලොග් අවකාශය තුල ගෙන ඒම කරුණු කොටගෙන මොහුට දිරියක් වෙන ලෙස සහෝදර​ බ්ලොග් කරුවන්ගෙන් අයදී සිටිමි. මොහුගේ බ්ලොගය සාදා ගන්නට උදව් වන ලෙස විශේෂයෙන් 'අටමා'ගෙන් ඉල්ලා සිටිමි.

සංගිගේ 'මට හිතෙන හැටි' බ්ලොගයේ ඔහු අතින් ලියවුනු පළමු ලිපිය මෙසේය​.

Friday, February 10, 2017

සුදු මල් පොකුරක් අතේ තබාගෙන !​




       ලියන්න දෙයක් නෑ, මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනා, දැම්මා. 



Sunday, August 21, 2016

මා උන්මත් කල ගී 16

  හැමෝම ගී තෝරන එකේ, මාත් හිතුවා ඉයන්ගේ​ ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් මගින් දියත් කල සොඳුරු අභියෝගය බාර ගෙන​ ගී දාසයක් තෝරන්න​. රැල්ලෙන් බැහැර​ ව කල් පසුවී, මා මේ කටයුත්තට ඉදිරිපත් වී ඇත්දෝ කියල මට සිතුනත්, පසු වී හෝ, මගේ සිත ගත් ගීත කිහිපය තෝරන්න මා ඉදිරිපත් උනේ මෙය ම​ගේ හදවතට බොහෝම සමීප අංශයක් වූ නිසයි... 'නිකං ආවාට ගියාටත් බෑනේ, සිංදු තෝරන්න'​... 'හෙඩින් එකේ වචනාර්තයටම වෙන්න එපෑයැ තෝරන සිංදු, 'මෙමරි කැපෑසිටිය​​ මේ ගීත රසනය කල​ කාලේ වගේ උනා නම්, 16ක් නෙමේ 16න් 10ක් තෝරන්න තිබුනා, අද ඇති මෙමරියේ තරමට 16 තෝරගත්ත නම්, ඒකත්​ ලොකු හපන්කමක්'  ද්‍රවිඩ​ ගීතයන් සමූහයක්ද මා දරුණු ලෙස උන්මාද කර ඇති මුත් මා සම්භන්ද වී ඉන්නේ සිංහල බ්ලොග් ලෝකය සමඟම වන බැවින්, මා සිත උන්මත් කල සිංහල ගීත පමනක් තෝරගන්න මෙහිදී මා තීරනය කලා​.

බොහෝ විට තුරුණු විය පැවැතුනු කාල වකවානුවන්ට​ අනූව, එම තෝරා ගැනීම් එකිනෙකාට​ වෙනස්වෙන අතර ඕනෑම කෙනෙක්ගේ සිතේ විශේෂයෙන් රැඳෙන්නේ ඔහු/ඇය තරුණ වියේ දී ශ්‍රවනය කල ගී පදයන්ම වීම සාමාන්‍යයකි. එම සාමාන්‍යයට විරුද්දව,​ සිත්වල ගැඹුරෙහි මිහිදත් වන සදාහරිත ගීතයන්ද අපමනය...ඒවාට කාල වකවානුවන් බල නොපායි...එවන්,​ කාලයන්හි හා අකාලයන්හි මා ශ්‍රවනය කල, 16 සීමාව​ට හසුවී, ​සිතේ පැලපදියම් වූ, ක්‍රමයෙන් මා උන්මත් කල, බොහෝ ආයාසයකින් මා තේරූ සිංහල ගීත කිහිපය​ මෙසේයි.

Friday, July 22, 2016

නෙළුම් ඇට + වරකා + ස්ප්‍රයිට් = විෂ​ද


  අනුරාදපුර​, කහටගස්දිගිලිය​, ඊතල්වැටුනුවැව නම් ගම්මානයේ සිදුවී ඇතැයි කියන අවාසනාවන්ත හා  අනුවේදනීය  සිද්ධියක්  ගැන වාර්තාවකි මේ... වට්සප් හරහා මට ලැබුනු තොරතුරේ ඇත්ත නැත්ත ගැන මට තහවුරුවක් නැති අතර සඳහන් සිද්ධිය සැකවින් මෙසේය​.

ඉහත සඳහන් ගම්මානයේ පදිංචි ගැහැණු ළමයි පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක පියා පිට රටක සේවය කරන අතර මව ළමයි සමඟ එම ගම්මානයේ ජීවත් වෙයි.


සිද්දියට 
සම්බන්ධ  මෙම ළමයි පස් දෙනාගෙන් අත දරුවා හැරෙන්න​ ඉතිරි සතර දෙනා පසුගිය​ 19.07.2016 දින නෙළුම් ඇට හා වරකා අනුභව කිරීමකින් පසු එයින් ඇති වූ බඩ පිපුම මගහරවා ගැනීමට ස්‍ප්‍රයිට් බීම පානය කර ඇති බව වාර්තා වෙයි. ස්ප්‍රයිට් බීම පානය කර සුළු මොහොතකින්, සිද්ධියට සම්බන්ධ දරුවන් සතරදෙනාම සිහිමූර්ඡා වී වැටී ඇති අතර පසුව ගම්වැසියන්ගේ උදව් ඇතිව සියළු දෙනා රෝහලට රැගෙනවිත් භාර කර ඇත​. හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයකින් පෙළී සිහිසුන් නොමැතිව සිටී ළමයි 4 දෙනා අධි සත්කාර ඒකකයේ සිට​ ප්‍රතිකාර ලබන​ අතර ඒ අතර සිටි අවුරුදු හතක ළමයෙක් අවාසනාවන්ත​ ලෙස​ පසු දිනම රණයට පත් වී ඇතැයිද වාර්තා වෙයි.

Saturday, March 26, 2016

සෙ​zයිනබ් - අබූ අල් ආස්ගේ ආදර අන්දරය​





Wednesday, January 27, 2016

එම්බාම් චූන්!

මට මේ කතාව මතකෙට ආවේ අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ හඳුන්වලා දුන්නු අලුත්ම බ්ලොගයක් වන http://karakoppuwa.blogspot.com/යේ කියවන්න ලැබුනු http://karakoppuwa.blogspot.com/2016/01/blog-post.html ලිපිය නිසායි.


මා මෙතන මේ කතාව කිව්වට මොකද මේකේ සත්‍ය අසත්‍යාවය ගැන නම් තහවරුවක් වෙන්න බෑ.

වැල්ලම්පිටිය හංදියේ 2000 වසරේ මා කරගෙන ගිය ග්‍රොසරියක නිතර පහේ එන යන පාරිභෝගිකයෙක් මට සත්‍යයයිද රහසයිද ලෙස රසකර විස්තර කල​ කතාවකි මේ..........


මා මේ සඳහන් කල වකවානුවට කාලයකට පෙර ඔය කොලොන්නාවේ හිටියා චන්ඩියෙක්, පාතාල නායකයෙක් කිව්වත් වැරදි නෑ. සුදුවට හිටපු මහත්මයකු ලෙසයි ඔහු හැඳින්වෙනු ලැබුවේ. එවක කෙරුනු දේශපාලනික මිනී මැරුම් බොහොමයක් මොහු සිදු කරායිද​, ලලිත් අතුලත් මුදලි ඝාතනය සිදු කලේද මොහු විසින්ම බවටද රාවයක් ඇත​.

Tuesday, January 5, 2016

මට නොකී කතාව !

 පත්තර පිටුවල ප්‍රධාන ශීර්ශ වූ කාරනාවක් මගේ මතකය අවුරුදු 25ක් ආපස්සට ගෙන​ ගියේය​....ඒ පේරාදෙණිය කැම්පස් එකේ මගේ දෙවෙනි අවුරුද්දයි....

අමතක වෙයිද ඒ සිද්දිය....අම්මෝ....මතක් වෙනකොට, මගේ පපුව දැනුත් ගැහෙනවා....එදා සිදුවුනු දේ පිට කවුරු හරි දැකලා තිබුනා නම්, අපි හතර දෙනාට වෙන්න තිබුනු දේ....

එදා සිද්දිය මගේ මතකයේ නැවතත් මැවී පෙනෙන්න විය​.........

Friday, December 18, 2015

​හොඳ සිහියෙන් කුර්-ආනය දකින ලාංකික සිතිවිල්ලක්!

ප්‍රතිචාරයකින් කියන්න ගිය දෙය දික් වුනු නිසා ලිපියක් වශයෙන් පිලිගන්වන්න සිදුවූ මගේ පැහැදිලි කිරීම,


මටත් ඕනේ වෙලා තියෙන්නේ මේ සංවාදයෙන් ඉවත් වෙන්න​​,..ඒත් ඉදිරිපත් ව ඇති කාරණයට සාධාරනයක් ඉටු නොකර ඉවත් වෙන්න බැහැනේ, බ්ලොගයන් තුල අපේ කර්තව්‍යයත් එකනේ. ඔබ ඉදිරිපත් කල දේ අපැහැදිලි  කියල මම කිව්වේ නෑ, ඔබ ඉදිරිපත් කල දේ සාදකයක් නෙවෙයි කියන එකයි මම​ කිව්වේ.​ කොපමන තේරුම් කලත් ඔබ නොතේරුනු ගානට​ ඒ තැටියම හරව හරව දානවා, ඒක්කෝ සත්‍යය දැනගෙන බබා පාට් (ආආං 'බබා පාට්' ඔබින තැන​) දානවා