කෙනෙකු ගැහැණු ළමයෙකු සමඟ ආදරයක පැටලෙන්න සිතනවානම් හෝ විවාහයක් කරගන්න තීරණය කරනවා නම්, අන්න, ලෝකයේ ඇති අති අවදානම්ද, බැරෑරුම්ද කටයුත්තට තමා අත ගසනන්න යන බව පළමුවෙන් ඔහු තේරුම් ගත යුතුයි (පෝරකයට යනව වගේ වැඩක් කියල හිතන්නකෝ ) ඒ, ඔබ ප්රතමවරට ගැහැණියක් සමඟ පැටලෙන්න යන නිසාය. ලෝකයේ ප්රසිද්ද කවියන්, කතෲන් බිහිවෙන්න ගැහැණුන් හේතු පාදක වී ඇති බව ඉතිහාසයන් සඳහන් කරයි. ගුප්ත යන වචනයට ඇති උචිතම නිර්වචනය ගැහැණියයි.
'නොයෙකුත් කෙටි කතා මෙන් ලිපිද මේ බ්ලොගය තුල කතා කළ මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයේ මෙය නීතිගත කිරීම හරිද වැරදිද යන්න තර්ක කරන්න හෝ මා මේ පිළිබඳව දැනමුත්තෙකු කියමින් මෙහි අඩංගුවන සියල්ල හරියි කියන්න හෝ නොවන අතර මේ කරුණ පිළිබඳව මගේ සිතත නැඟුනු යමක් ඔබ ඉදිරියේ තැබීමයි මෙම ලිපිය ලිවීමේ අරමුන. මා බඳුන් කරන මේ කාරනාව ලෝකයේ අදටත් විසඳුමක් නැති ප්රශ්නයක් බව පෙන්වා සිටින අතර මගේ අනිකුත් කෙටි කතා, ලිපි මෙන්ම මෙයද මනසාශ්රිතව සිතිය යුතු කාරනාවක් බව පෙන්වනයි උත්සාහ කරන්න්නේ.