කරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාවටමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේ. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළතුරු අපනයක් පිළිබඳ යෝජනාවයි, රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය. ඔහු යෝජනා කල මිලද සිත් ගත් නිසා, අපනයනය ගැන කිසිත් නොදත් මා ලහි ලහියේ සාධ්‍යතාවන් ගැන සොයන්න ගත්තේ, ඥාතියා 'මා හැර වෙන කෙනෙක් සොයා ගනීවිදෝ' බවට ඇති වුනු චකිතය නිසයි.
'අපේ බදු මුදලින් නඩත්තුවෙන, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, අපට සාධාරනය කරන, අප වෙනුවෙන්ම ස්ථාපිත වී ඇති අපේම උසාවී හා එම බදු මුදලින්ම වැටුප් ලබන අපේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන අපේම පොලිසි'
චූදිතයෙකු,පැමිනිලි කරුවෙකු හෝ සාක්ෂි කරුවෙකු ලෙස තම නඩුව විභාගයට ගන්නා තුරු රැඳී සිටින පිරිස, කාකිය දරා සිටින පොලිස් මාමා දකින්නේ මහා පිළිකුල් සහගත නරුමයන් ලෙසයි. පොලිස් මාමා ඒ වනවිටත් ඔවුන් සියල්ලන්ව වරදකරුවන් ලෙස දැක තිබූ නිසයි . ඒ, කෙනෙක් උසාවියකට පයගහපු පමනින් වරදකරුවකු වෙතැයි චිත්‍ර මවන පොලිස් මාමාගේ නොදැනුවත්කමයි. ආසන පිරුනු පසු අසුන් නොමැතිකම නිසා සිටගෙන ඉන්නා පිරිස ඔහු නඩත්තු කරන්නේ ගව ගාලක ඉඩ ආවමයෙන් තෙරපෙන ගවයන් හා සමානවය.
මැයි පළවෙනි දිනය ගැන කියවෙනවිට අපට මතක් වෙන්නේ අග නගරයේ වීදියෙන් වීදියේ පැවත්වෙන පෙළපාලිය. කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් පාට කියන පෙළපාලි කරුවන්ය. රතු ඇඳගත්තු ගැහැණුන් පිරිමින්ය. ඔවුන් කම්කරුවන්ය. නැත්නම් ඔවුන්ගේ සෙනෙහවන්තයන්ය.
වේදිකාව මත නැග තම ස්නේහය පෙන්වන නායකන්ය.