Saturday, December 11, 2021

අමයා මගේ සිහින දෙවඟන 4

අමායා මගේ සිහින දෙවඟන 3

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 



බලාපොරොත්තුව!


(පරිච්චේදය) 4


උසස් පෙළෙන් විශිශ්ටව සමත් වීමෙන් වෛද්‍ය පීඨයට තේරීපත්ව, විශ්වවිද්‍යාල අපේක්ශාවෙන් සිටි අමායා පේරදෙණිය, කරාපිටිය හෝ කොළොඹ බලාපොරොත්තුවෙන් සිටියාය.

‘ලීඩශිප් ට්‍රේනින්ග්’ එකට අමායා ගියේ, මා සමඟ ‘චැට්’ කරන්න පටං ගත්තු මුල් කාලයේයි.

කරාපිටිය ලැබුනොත් තමාට දුරක් නොවන බවත්, පේරාදෙණිය ලැබුනොත් දුරක් ගෙවා එන්න සිදුවෙන මුත්, මා මුන ගැසීමේ අවස්තා සැළසෙන නිසා, පේරාදෙණිය ලැබෙනවාටයි තමා වඩා කැමැති බව අමායා මට පැවසුවාය.

‘කරාපිටිය නෙවෙයි, පේදුරු තුඩුව ලැබුනා උනත්, ඇයව බලන්න මම යන්න ඕනා’

ඒ අමායාගේ ඉල්ලීම (ආඥාව)!

කරාපිටිය හෝ පේරාදෙණිය, එයින් කොයි එක ලැබුනත්, ගෙදර යෑමක් සාමාන්‍යයෙන් නිතර සිදු නොවන්නක් නිසාද, අපේ මුන ගැසීමේ පහසුව නිසා. “පේරදෙණියම ලැබේවා” යි අප දෙදෙනාම පැතුවෙමු.

‘කොළොඹ ලැබුනොත් කරන්නේ මොනවාද?’ කියන සංවාදය අපට ඇති වුනේම නෑ.

‘පසු කාලවල දී අප අතර සිදුවුනු චැට් හුවමාරුවල,

“මාව බඳිනවද?” ,

“ඔයා මගේ නේද?”

“මගේ විතරමයි නේද?”

‘නිතර පාහේ අමායා මගෙන් අසන ප්‍රශ්නය​!

‘ඒවා සියල්ල එක දිගට ඇය පෙළ ගස්සනවා!

‘මේවා මාව අමාරුවේ දමන ප්‍රශ්න!

‘ඒ බව ඇයත් හොඳාකාරම දන්නවා!

‘එහෙනං ඇයි?

‘ඒ බව දැන දැනයි අමායා ඕවා අහන්නේ!

‘මාව උරගා බලන්නත් එහෙම අහනවා ඇති! ලෙසයි මට සිතුනේ.

කෙසේ හෝ,

“ඔව්, අපි හොඳ විදිහක් කරමුකෝ” ලෙස ඇඟට නොදැනෙන්න මං දීපු පිළිතුරෙන් ඇය කරබාගෙන සිටියා.

‘එයින්, මං සැනසුනා,

‘අමායා මාව මගේ කතාව විශ්වාස කරලා’ ලෙස මං හිතාගෙන හිටියා!

 

(ඉතිරිය අමාය මගේ සිහින දෙවඟන​ 5)

අමාය මගේ සිහින දෙවඟන​ 3

අමායා මගේ සිහින දෙවඟන 2

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 



අමායා!


(පරිච්චේදය) 3


‘හායි!’ ඇය,


‘හායි!’ ඒ මං,


‘ඔයා කොහොමද?’


නම මොනවද?’ දෙ⁣දෙනාම,


‘වයස කීයද?’ වැනි කින්ද මන්දවලින් පසු,


'බැඳදලද?’ යන ප්‍රශ්නෙටත් මගේ පිළිතුර,


'ඔව්!’ වූ පසුත්,


තවමත් විසි වියේ පසුවෙන මේ කෙල්ල, නමින්,


‘+++ අමායා ++++’


දිගටම මා සමඟ ‘චැට්’ කරාය,.


ඔවැනි ‘චැට්’ කිරිලි සාමාන්‍යයෙන් දිනකින් දෙකකින්, සතියකින් අහවර වෙයි. ඒවාට වයස් පරතර හෝ කිසිත් බල නොපාන අතර​ එවා නිකම්ම නිකම් කාලය පසුකිරීමක් පමනකි.


‘ඉතිං කවුරුත් ‘චැට්’ කලහ, වින්දනයක් ලැබූහ’


දෙකොනේ දෙන්න⁣ම බොහෝම ප්‍රවේසමෙන් වග බලා ගත්තේ, අනෙක් කෙනා, උදහස් නොවන්නය​. එහෙම නොවුනා නම් එල්ලය බිඳී සතුට ගිලිහී යන්නේය. බොහෝ දුරට තෝර ගැනෙන්නේ විරුද්ද ලිංගිකයනුයි. නියම වින්දනය ලැබෙන්නේ එවිටය.


ඒ, මනෝවිඥානීය බලපෑමකි.


අමායාගෙයි මගෙයි ‘චැට්’ කිරිල්ලත් ඔය වගෙයි පටං.ගත්තේ. නමුත්, එය ඒ සාමාන්‍යයට වඩා දුර ගියා.


මගේ විරාම කාලවල දී අමායා සමඟ ‘චැට්’ කරන්න මම පුරුදුව සිටියා. ඒක හරියට මට ප්‍රභොදජනක (‘එනර්ජි ඩ්‍රින්ක්’) පානයක් වගෙයි.


‘මම ‘චැට්’ කරා නෙමෙයි! මේ කෙල්ල දිගට හරහට මට ‘මැසේජ්’ දුන්නා. ඒවට මං උතිතර දුන්නා විතරයි.


'එච්චරයි!


'අපි එකිනෙකාගේ විස්තර බෙදා ගත් අතර ආදල නැති දේවලුත් කතා කලෙමු. ඒකනේ ‘කාලය පසු කිරීමක්’ කියන්නේ.


'නමුත්, අපට එය නිකම්ම නිකං කාලය පසුකිරීමකින් පමනක් නොනැවැතිනි. එයින් අපි අපේ පොදු දැනුම වර්ධනය කර ගතිමු.


'සහතිකවම, අපේ වයස් පරතරය අපට දැනුන් නෑනේ?


'එකිනෙකාගේ බුද්ධි මට්ටම මැන බැලීම​, හැඟීම් උරගා බැලීම වගේ දේවල් එයින් සිදුවුනි. මං කිසි දෙයක් හංගන්න ගියේ නෑ, එහෙම උවමනාවකුත් මට තිබුන්නෑ. ඇගෙනුත් එහෙම සිදුවුනා කියලයි මට හිතුනේ.


අමායාගේ ‘මැසේජ්’ සැහැල්ලුවට ගෙන සැහැල්ලුවෙන්ම මා පිළිතුරු දුනිමි. ඔය ‘චැට්’ වලට ජීවයක් ආයුෂක් නැති බව මං දන්නවා. ඒවා බරපතලව ගන්නත් මම ගියේ නෑ. මුල දී සැහැල්ලුවටම කෙරුනද, කාලය ගෙවෙත්ම​, එය ඒ ලෙසම නොපැවතිනි.


‘චැ⁣ට්’ වල මුහුනුවර වෙනස් විය!


‘චැට්’ නව ආරයක් ගන්න විය!


‘චැට්’ අලුත් දිසාවක් කරා යන්න විය!


‘චැට්’ හද තුලට රූටන්න විය!


‘චැට්’ එහි බලපෑම් කරන්න විය!


‘චැට්’ එහි බලෙන් රැඳෙන්න විය!

‘ඒවා හදට දැනෙන්නද විය!


‘ඇයට කෙසේද බව මං නොදන්නා නමුත්, මගේ සිත කැලඹිලයි තිබුනේ’


‘නිමක් නොපෙනෙන අඳුරු ගුහාවක් තුලට මා ඇදී යමින් සිටියෙමි’


‘මට එය ආලොකමත්ව පෙනිනි’


‘මං අමායාට වශී වෙන්න අරං!


‘⁣මගේ වයසෙන් හරි අඩකටත් අඩු වයසේ මේ කෙල්ල, මාව වශී කරගෙන!


‘ලකෂෙකින් හෝ සොයා ගන්න බැරි චරිතයක් වූ අමායාට කෙනෙක් වශී නොවීමයි
 අරුමය!


‘ඇය ඒ තරම් ආකර්ශනශීලියි!’


තත්පරයෙන් තත්පර ඇගේ ‘මැසේජ්’ මා බලාපොරොත්තු වුනෙමි!


පනිවුඩ පහු වෙන කොට වැඩ අතපසු කරගෙන කල්පනාවේ වැටුනෙමි!


කනස්සලෙන් පසුවන මා පනිවුඩයක් ලැබුනු විගස ප්‍රභොද වන්නෙමි.


මේවා තරුණ කාල අත්දැකීම්!


‘අවුරුදු දාහත පසුවන විටම ස්ත්‍රී ආකර්ශණ වලට පාත්‍ර වුනු මගෙන්, උත්සාහයක් දෙකකුත් සිදු උනා!


ඈත ඉඳන් අත වනන්නයි, ලියුම් කඩදහි දෙන්නයි, ඒවා සීමා වින!


2/ චොකලට් වලටත් මං වියදම් කලා!

‘කැන්ඩෝස්, චෙස්ටෝ, ඩෙල්ටා, ස්ටාර් ටොෆී’ තිබුනේ, ඒ කාලයෙයි.


විදෙස් රටක දී විදෙස් තරුණියක් සමඟ ඇති වූ මගේ ප්‍රේමය ටිකක් දුර දිග ගිය එකක්!


ඇයට සැබැවින්ම මා ආදරය කල අතර, එය මගේ ප්‍රතම ප්‍රේමය විය.


‘එය මගේ ගමන් මග ⁣වෙනස් කල, මට සිදුවූ එක්තරා අනතුරක්!


කිසි දේකට ජීවයක්, පැවැත්මක් නැති වග මා හදාලූ ජීවිත පාඩමේ, එය අගනා පරිච්චේදයක්’


මේ අමායාගෙන් මා දුටුවෙත්, ඒ විදෙස් තරුණිය වෙතින් මා දුටු, ඒ අසමාන්‍ය චරිත ලක්ෂනමයි!


‘අමායාගේ පිළිගැනීම්, ඉදිරිපත් කිරීම් අති උත්කෘශ්ටව තිබුනි!


කියන පරක්කුවට දේවල් ඇය ග්‍රහණය කර ගත්තාය!


නොලැබී තිබුනු මගේ ‘උවමනාකම්’ බලෙන් පොවන ලැබූ මට ‘එපාකම්’, අමායා හරියටම තේරුම් ගත්තාය!


‘ඒවා මට මතු කර පෙන්නුවේ. “මේකයි මිත්‍රයා ජීවිතේ කියන්නෙ” කියන විලාසිනි!


‘මාන්නය කියන ‘රෝගය’ ඈට ගෑවිලාවත් නොතිබුනි!


‘විස්සේ පසුවන මේ කෙල්ල, සති දෙකක කාලයකින් මගේ මුළු සිතම කියවන්න සමත් උනාය.


අලස බව නැතිව ගිහින් තිබිනි!


‘සිත​ ප්‍රභොදමත් විනි!


‘ගත සැහැල්ලු විනි!


‘තරුණකම ලැබිනි!


‘වැලි කතරක සිටි මට ඇය, සීතල දිය පොදක් වූවාය’
‘ගිලන්ව තබූ මහදට ඇය, සංවාතයක් වූවාය’
වෙදචාරයේ යන මග සිටින ඇය, මට ප්‍රතිකාරකයක්. වූවාය’
‘අමායා, අමායා, ලෙස මා මතුරන මන්ත්‍රයද ඇය. වූවාය’


‘කවි ලියවුනේ පුරුද්ද නිසා නොවෙයි, ප්‍රභොදයේ අනුඵලයක්!


‘අමතකව ගිහින් තිබුනු ගීතයන්, මගේ මතකෙට පැමින, ඒවා මා මිමුනුවෙමි,


මුතුකුඩ ඉහළන, මල් වරුසාවේ,,,
කුඩ ඉහළන විට වැහිළීනී,, එබී බලා,,,
රිය කව්ලු දොරින්ය, යට ගිය දවසේ දී,,,

දෑස, ගියා,, ඉගිලී,,,

අඳුරු ලලා, සෙන්කඩගල වැස්සේ,,,
දිය දහරා., පාටයි දෙදුන්නේ,,,
තෙමී,, තෙමී,, ආදර මදු වැස්සේ,,,
ගිය දෙදෙනා,, අද යනවා දෙමන්තලේ,,,

රිය ඇතුලේ,, උනුසුම ඔබට තියේ,,,
නහවයි මා,, රියසක මඩ වතුරේ,,,
නෑ හිත රිදුනේ,, අදත් එදා සිහිවී,,,
අපේ සම්බඳකම,, නෑ රියසක දන්නෑ,,,

මුතුකුඩ ඉහළන, මල් වරුසාවේ,,,
කුඩ ඉහළන විට, වැහිළීනි,, එබී බලා,,,
රිය කව්ලු දොරින්ය, ට ගිය දවසේ දී,,,
දෑස, ගියා,, ඉගිලී,,,

‘මෙම ගීතයට මා වඩාත් කැමැතියි’ ලෙස පවසමින්, ගායකයාව මතෙකට ගන්න කල උත්සාහයේ දී, මට ඇතිවූනු පැටලවිල්ලක්, ඒ


“රෝහණ වීරසිංහයන්” බව දන්වමින් අමායා මා නිවැරදී කලේ, මට විමතිය ගෙන එමිනි.


'විමතියක් නොඑයිද?


‘ඒ, ඇය ඉපදෙන්නට පෙර ගයනු ලැබූ ගීයක්!


‘කොහහොමද සරදම?

‘කාගෙද?


‘ධෛවයේද?’


‘ අමායාගේද?’


මේ ඇරෙන්න මයිකල් ජැක්සන්ගේ ‘ලයිබීරියන් ගර්ල්’ ගීතයටත් මා බොහොම කැමැතියි බව පැවසූ මට අරෂ් හා ඇලේනා ගැයූ ‘පියෝ ලව් සහ බ්‍රෝකන් ඒන්ජල්’ ගීතවලට තමා වඩාත් කැමැති බව අමායා මට කීවාය.


‘බ්‍රෝකන් ඒන්ජල්’ ගීතයේ එක් ජවනිකාවක, ජලාශයක පාරුවක් හබල් ගාමින් සිටි ‘අරෂ්’ ගේ තුරුලට වී, සතුට විඳින, කෙටි ඇඳුමකින් සිටි ‘ඇලේනා’ ගැන කියමින්,


‘‘තමන්ටත් මා තුරුලේ එහෙම ඉන්න තිබුනා නම්’’ලෙසයි.


අමායා ඒ දෙයින් මට කීවේ, ‘ ඔබේ හා මගේ රුචිය සමානයි, ඒවා අතර වෙනසක් නෑ’ බවයි


“ඔයා මගේ පවුලේ ඉපදිලා හිටියනම්, සමහරවිට මං ඔයාව වඩා ගන්නත් ඇතියි” ලෙස මා කී වේලේ,


“එහෙම වෙලා තිබුනානම් හොඳයි” ලෙස​ අමායා මට පැවසුවේ, මගේ සිත් පතුලේ වූ තම උරුමය තව වරක් ස්තීර කර ගනිමිනි.


‘මා මෙපමන ⁣දෙයක් මේ කෙල්ල ගැන කියන්නේ, ඇගේ කට හඞ වත් මා අසා නැති තත්වයකයි.


‘අපි ‘චැට්’ කලාට, එක වතාවක් හෝ ඇමතුමක් ගෙන කතා කරලා නෑ. අපට එහෙම හිතුනෙත් නෑ. අප මෑම දේම බෙදා ගත්තේ කෙටි පනිවුඩ මගිනි.


හේතුව කියන්න මං දන්නෙත් නෑ!


කොපමන වැඩ තිබුනත්, අතරින් පතර පනිවුඩ හුවමාරු කර ගන්න නම් අපි දෙන්නම අමතක නොකලෙමු.


අතරින් පතර තම පවුල් පරිසරය, වට පිටාව පිළිබඳ අමායා මට කියා තිබුනාය. මගේ පවුද්ගලික විස්තර දැනගන්නත් ඇය උත්සුක වුනා.


‘අමායාගේ දැනුමේ තරම දැක මා විමතියට පත් නොවූ දවස් නැත!


ඇගෙන් මා දුටු අතිවිශිශ්ටම ලක්ෂනයක් වුනේ!


‘තනි වාක්‍යයකින් කියනව නම්’


‘අනුන්ගේ සිත කියවීමෙහිලා ඇය ලබා තිබුනු අග්‍රගනයේ පිහිටීමයි.


‘අමායා’ අතිශයින්ම ආකර්ශනීයයි!


ඊට වඩා බර කරලා කියන්නට, මං වචන දන්නෑ!


‘මගේ කාලයේ දීම, වයස් පරතරයකින් තොර මේ ‘අමායා’ මට නොලැබීම ගැන මා දුක් වුනෙමි’ 


අමායා මගේ සිහින​ දෙවඟන 2

අමාය මගේ සිහින දෙවඟන​ 1

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)

අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 



මා හා මගේ වටපිටාව!


(පරිච්චේදය) 2


ඒ වනවිටත් වයස හතලිස් එකක්ව වී, පියාගෙන් උරුම ලද වෙළඳාම ජීවනෝපාය කරනෙ සිටි මා, දරු දෙදෙනෙකුගේ පියෙකි.


මගේ විවාහයට වසර දාහතරක් ගෙවී තිබුනු අතර වැඩිමල් පුතාට දහ තුනක්ද, දෙවන දුවට හතක්ක්වද වයස් පිරී තිබුනි.


මට විසි හතේ සිදුවුනු මගේ විවාහය දෙමාපියන් පිළියෙල කර දුන් එකකි.


⁣වත් පොහොසත්, දේපළ හිමි මගේ කසාද බිරිඳ විවාහදා විසිතුන්වෙනි වියේ පසුවුනාය.


වතු පිටි දේපළ හිමි, වෙළඳාම වෘතිය කරගෙන සිටි ඇගේ පියා ප්‍රසිද්ද පුද්ගලයෙකි. තම නගරයෙන් ඔබ්බටද ඔහු ප්‍රසිද්දව සිටියේය​.


පියාට සරිලන්න, ඇගේ මවද දේපළ උරුමක්කාරියකි. වතු පිටි ඉඩ කඩම් ඇයටද තිබුනි. ගමකින් නගරයයට විතැන්වූ පවුලක වූ මගේ නැන්දනීය​ ⁣ශෝභන ගති පැවතුම් හෙබී කාන්තාවක් වූවාය. අනුගමනය කරවානම්, ඇය ආදර්ශමත් ගෘහණියකි.


වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක්ද බාල සහෝදරයෙක්ද සිටි බිරිඳ, ඇගේ පවුලේ තනි ලමිස්සියයි. ඒ නිවසේ ඇය ‘රජ කුමරියයි’


රදළ පැවැත්මක් තිබුනු නිසාද, එයම ආභාශය
කරගෙන සිටි නිසාද, ඒ රදළ ගතාණුගති තුලම මගේ බිරිඳ කොටුවී සිටියාය. ඇගේ පවුල් පරිසරය ඇයට ලෝක⁣යකි. භාහිර ලෝකය තිබුනේ, ඇගෙන් බොහෝ ඈතිනි.


තම​ පවුල් අභිමානය තරම් දෙයක් මගේ බිරිඳට නොතිබුනි. ඒ ගැන කියවන්න දින ගනන් වුනත් වැය කරන ඇය, කියවන අදහසකින් පොතක් අතට ගන්නවා කිසි දින මා දැක නැහැ. පත්තරයක් නං පවන් සලන්නවත් ගන්නේ නෑ.


(මම ඉස්කෝලේ යන කාලේ සතියකට පත්තර හතයි, මදිවට ඉන්දියාවෙන් එන දෙමළ කතා පොතුත් කියවනවා. දෙමළ හෝඩියේ අකුරක්වත් ඉගෙන ගත්තු නැති මං, දෙමළ කියවන්නේ සිංහල කියවනවා හා සමානවයි, ලියන්න නං බෑ)


තම පුවලේ නමට කැළැලක් ඇති වීම ඇගේ ප්‍රානයට යමක් සිදුවීම හා සමානව මගේ බිරිඳ දකී. මගේ නමට කැළලක් ඇති නොවීම පිළිබඳවත් ඇය සැළකිලිමත් වුනාය​.


අගනුවරද, බිරිඳගේ නගරය ඇතුලුව තවත් තැන්වල දෙපළ ඇතිව, ස්තාවරව සිටි පවුලක ඉපිද, අගනුවර පාසලක අධ්‍යාපනය ලැබ, විදේශ අත්දැකීම් ඇතුලු ව්‍යාපාරික දැනුම් මට තිබුනද, මා අභාශය කරගත්තේ ගැමි පරිසරයයි. මා ප්‍රිය කලේ සැහැල්ලු දිවි පෙවෙතකටයි.


‘අනුන් නිසා නොවන, මගේම වූ ජීවිතයකට මා ප්‍රිය කරන්නෙකි’


ඒ මගේ පියාගේ ගමය, උපත​ අසල ගමේ ග්‍රාමීය රෝහලේම වී, ළදරු අවදිය මව තුරුලේම ගෙවුනද​,

මගේ ළමා විය බොහෝ සෙයින් ගෙවුනේ නගරබදවය. ඒ අධ්‍යාපන කටයුතු නිසයි.


(අවශ්‍යම කාලයේ මා අහිමි කර ගත්තු ඒ සුන්දර ජීවිතය ගැන සාංඛාව මට තවම තිබෙයි)

පියාව විවාහ කරගෙන නගරයෙන් ගමට පැමිනි මගේ මව, තවත් ආදර්ශමත් ගෘහණියකි. අරපිරිමැස්මට, ගෘහස්ත කළමනාකරණයට ඇය පූර්වාදර්ශී ගෘහණියකි.


අවශ්‍ය කරන දෙයක් අප සොයා සිටින මොහොතක, ඒ සොයා සිටි, ඒ දේම, මව අපට අරගෙන දෙන්නේ අපව විමතියට පත් කරමිනි. ආරක්‍ෂා කර තබා ගන්නා ඇගේ පූරුද්ද, ඇගේ මතක ශක්තිය අපූරුයි.


සාමාන්‍ය පවුලක සිට උත්සාහයෙන් ඉදිරියට පැමිනි මගේ පියා, තම අවසන් කාලයේ දී නිතරම මට කීවේ, තමාගේ දියුණුවේ පසුපස සිටියේ මගේ මවම බවයි.


බාල සහොදරයන් තුන්දෙනෙක් මට සිටි අතර නැගැණියක්ද සිටියාය.


මගේ නැගැණියව පියා ආවාහ කර දුන්නේ වයිද්‍යවරයෙකුටය. නගරයේ ඇයට නිවසක් සාදා දුන් මගේ පියා, එදා තිබුනු නව පන්නයේ ලියාපදිංචි නොකල කාර් එකකුත් අරගෙන දුන්නේය​.


‘පියාගේ කැමැත්ත අවසන් 'තීරණය​' ව​ අප නිවසේ තිබුනු නිසාවෙන්, මගේ රුචිය අරුචිය ඔහු ඉදිරියේ පවසන්න මා මැළි වුයෙමි. මගේ සහොදරයන් කෙසේ වෙතත්, මා ඔහුට ‘බිය’ පුතෙකුව සිටියෙමි.


පසු කාලෙයේ පියා⁣ගෙ ව්‍යාපාර කරට ගෙන කටයුතු කරන්න සිද්දවුනේ මටයි. ඒ මා පවුලේ වැඩිමලා වූ නිසයි.


ව්‍යාපාරික ලෝකය සැමවිට එකමාකාර නොවූ අතර එය වෙනස්වන සුළු එකකි. නොයෙකුත් හේතූන් ඒකට පාදක වෙයි.


පෙර සැළසුමක් නොතිබීම, අධි තක්⁣සේරුව, අනිසි කළමනාකරණය ව්‍යාපාරයක් වට්ටන ප්‍රධාන සාදක වෙයි.


කාලගුණික, දේශපාලනික විපර්‍යාස, සුනාමි, වසංගත වැනි හදිසි අවස්තා, ජාතික ආර්ථිකයම වෙනස් කරයි.


නව සොයා ගැනීම්, නව නැඹුරුතා වැනි නැවුම් ආකර්ශනද, නවක ජීවන රටා වැනි විශේෂ කාරණාද, ප්‍රවනතාවය උඩු යටිකුරු කරයි.

ඉකිං, අපේ ව්‍යාපාරයද හිටි හැටියේ කඩං වැටුනා. එයට, ඉහත කී කිනම් හෝ කාරණාවක් හේතු වෙන්න පුළුවන්,


නැතිනම්,


මුල් පරිපාළක (මගේ පියා) ගේ තිබුනු අත්ගුණය, ඔහුට තිබුනු ලැබීම, මට! හෝ අපට! ( මගේ සහොදර වරු ඇතුලුව) නැතිව ඇති යන අද්‍යාත්මික (හෝ මිත්‍යාව) කාරණාව හෝ හේතු වෙන්නත් ඇති, සමහරවිට.


ඒ කිසිත් නැතිනම්, සියල්ලට පරිභාහිර වූ අත්භූත කාරණාවක් මුල් වෙන්නත් ඉඩ තිබුනා. මට එහෙමත් සිතුනේ, අපේ ව්‍යාපාරය වැටුනු සැටිය නිසයි.


තම අවසන් කාලයේ දී “මා උපයා ගත් ධනය මා ඉදිරියේම නැති වී ගියා නේ” ලෙස මගේ පියා කනස්සලින් දොඩවූවේ වේදනා බර සිතකිනි.


නිවසේ වාහන දෙකක් තිබී, එවා මාරුවෙන් මාරුවට පදින්න වූ මම පසුව ගමන් ගියේ පොදු ගමනා ගමන සේවයෙනි.


බිරිඳ ළමයි හා එක්ව ගමන් යාමේදී, මා ඇගේ වාහනය භාවිතා කලෙමි.


මගේ අත්තා මගේ අම්මාට දෑවැදි දුන් ව්‍යාපාර ස්තානයක් ඇරෙන්න සියල්ලම අපට නැතිවිනි. ‘සහොදරවුන් එක්ව සුළු ව්‍යාපාරයක් කරගෙන යනවාය’ ⁣ලෙස මා පෙර සඳහන් කලේ, ඒ ස්තානය ගැනයි.


අපේ අනපේක්ෂිත ආර්තික කඩා වැටීමෙන් ගොඩ ඒම අරඹයා, මගේ බිරිඳගේ පියා මෙන්ම මගේ බාල සහොදරයෙකුගේ පවුලේ අයද අපට උර දුන්හ.


කඩා වැටීම නැවැතුනු නමුත් ගොඩ ඒම පහසු කාර්‍යයක් නොවින​.


අප කෙමෙන් කෙමෙන් උඩුගම් බලා පීනුවෙමු,,,




අමායා මගේ සිහින​ දෙවඟන 1

(සත්‍ය සිදුවීමක් ඇසුරින්)


අමායා, අමායා, අමායා, අමායා, අමායා. 
ඒ, මසිත නිතර කියවන, 
නිතර ජපකරන මන්ත්‍රයයි.
 

මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!

‘සිහින දෙවඟනයි! 




කෙටි පනිවුඩය!


(පරිච්චේදය) 1


එදා, දෙදහස් එකොළහ ජූනි විසිතුන, උදෑසන අට පසුවී විනාඩි විස්සයි. ඒ හරියටම ඇගේ විසිවෙනි උපන් දිනය ගෙවී දින දහ හතයි,


සහෝදරවරුන් හා එක්ව මා පවත්වාගෙන ගිය ව්‍යාපාරයේ සුපුරුදු උදෑසන කටයුතුවල නියලී සිටියෙමි. කිසි උවමනාවක් නිසා දුරකතනය අතට ගන්නවූ මට, නෙත ගැටුනේ, ඒ කෙටි පනිවුඩයයි.


(ඒ දිනවල එය 'ටිගෝ’ ජාලයයි) ටීගෝ ජාලයේ මිත්‍ර සමාජය හරහා මා වෙත ලැබී තිබුනු කෙටි පනිවිඩයකි,


‘අමායාගෙනියි’


(ඒ දිනවල, ස්මාර්ට් ෆෝන් භාවිතාව අවමව​ තිබුනි. මා භාවිතා කලේද ‘සම්සුන්ග්, කලර් ඩිස්ප්ලේ’ එකක්. එනිසා ‘වට්සප්, වයිබර්’ වෙනුවට ‘එස්.එම්’ එස් භාවිතාවයි, ගොඩක් දෙනෙක් අතර තිබුනේ)


‘අමෘතයකක්ව දැනිනි’


ඔය මිතුරු ජාලයන් හරහා ඔවැනි ඇරයුම් සාමාන්‍යයෙන් ලැබෙනවා. අපද ඔවාට සාමාන්‍යයෙන් ප්‍රතිචාර කරනවා. සමහරකට පිළිතුරු දෙනවා සමහරක් මගාරිනවා. ඒ, හිතට දැනෙන විදිහ.


හැඳිනුම් කමක්, කවුද, කොහේද, කින්ද මන්ද, කිසිත් නොදත් කෙනෙක් සමඟ, හිටි හැටියේම කතා කරන්න ලැබීම සතුටක්, ඊට වඩා කුතුහළයක්,


‘මේ ඇරයුමේ තිබුනු විශේෂය කුමක්ද?’


‘ඒ කෙටි පනිවුඩය මා ආකර්ශනය කරන්න වූ කාරණය කුමක්ද?’


‘ඒ ඇගේ නමයි, එය තුල මා දුටු මිහිරයි’


‘අමායා! නමයි මාව ආකර්ශනය කරේ.


‘අමායා’ තරම් මා ප්‍රිය කල වචනයක් නැති තරම්.


'ප්‍රතමව​ තම නමින් ‘අමායා’ මාව ආකර්ශනය කලාය​!





Friday, December 10, 2021

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 5

  "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි''


"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 4


Zසෝයා !

(පරිච්චේදය) 5

‘‘ය්ය… යා..යාළු….යාළුවාආ… අන්න...අරයාආ ඇවිත්!’’ (දුම දාන චායිනී (කේතලේ) අතේ තියාගෙන නැවතත් ''අන්න අරයා ඇවිත්! ඔයාව හොයනවා!'' රියාල් කිව්වේ හති දාගෙනමයි.

රියාල් ඒක කිව්වේ මට ලොතරැයියක් ඇදිලයි, කියන ගානටයි, ඇස් උඩ ගිහිනුයි තිබුනේ...

කවුද​? ...කවුරුන් කිව්වා? ලෙස මම කුතුහලයෙන් ඇසුවේ රියාල්ගේ කලබලය නිසයි.

ඔයාගේ පංතියේ ඉන්න සෝයා- කිත්තායි (''zසෝයා" කියන ඇගේ රුස්කි නමයි, ''ඛිතායි'' රුස්කීන් චීනයට කියන නමයි, රියාල් උච්චාරණය කල සැටියි) ඇවිල්ලා! රියාල් කියාගෙන ගියේය, හති ඇරියේය.

විහිළුව කියන්නේ, zසෝයා 'රියාල්'ගේ නම උච්චාරණය කලේත් වැරදියටයි, ඇය ඔහුට කීවේ 'ලියාල්' කියලයි. ඇය මගේ නම උච්චාරණය කලෙත් වැරදියි. (හිහ් හිහ් හී)

ඉතිං? ප්‍රශ්නාන්තරව මා ඔහු දෙස බැලුවේ මට මොකුත් තේරුම් නොගිය නිසාමම නොවෙයි. ​නැවත නැවත ඕක කියවගන්නයි මට ඕනේ කලේ.

'සෝයා ඇවිත් ඉන්නේ ඔයාව හොයාගෙනයි' රියාල් ආයෙමත් කීවේ ටිකක් සැරෙනුයි, තරහකුත් ගිහිල්ලයි​ තිබුනේ.

මට​ 'හහ්'...කියවිනි, මොකක්ද යකෝ මේ වෙන්නේ​? අද මගේ ලග්නය කන්‍යාව වත්ද​? මහිසේ මල් පිපින, මයිල් කෙලින් විය​, කැරකවිල්ලකුත් දැනුනා වගෙයි.

එක කෙල්ලෙක් රාත්‍රිය ගෙවන්න බලං ඉන්නවා. තව එකක් (ඊගරයගේ) එක, ඕකා වෙනුවෙන් ආවයි කිව්වට මොකෝ, ඕකිත් ඇවිත් මේ අස්සෙමයි රිංගන්නේ, සැරෙන් සැරේ
ඇවිත් යනවා.

යනවා කිව්වට මොකෝ, අරූ ඇවිල්ලා එක්කං යනවා. ඇවිස්සිල්ලක් තිබුනත් ඊගරයා පෙන්න ගත්තේ නෑ. මං මොනව කරන්නද?... ඉතිං මං අඬ ගැහුවයැ?

මගේ ප්‍රෙහෙළිකාව උනේ. ඇය මොකටද මාව හොයං ආවේ, සත්තකින්ම! මා ඇයව බලාපොරොත්තු වුනේ නෑ, එහෙම උවමනාවක් මට තිබුනෙත් නෑ.

ඇය මගේ පද්ෆාක් (පහත චේදයේ හඳුන්වන රුzස්කි පදය කෙටියෙන්) පංතියේ....එච්චරයි.

‘zසෝයා අකදෙමියාවට ව්‍යාපාර කලමනාකරණය හදාරන්න චීනේ ඉඳන් පැමිනි තරුණියක්. ඇගේ නියම නම ‘වංසුඕ’. ‘zසෝයා’ ඇය තමාට තියා ගත්තු නමයි.

(ෆේජි කරා වගේ, ගොඩක් දෙනෙක් ඔක කරනවා අපි නොකරාට) ‘උනිවියර්සිතියත්’ (විශවිද්‍යාලය) යේ අප සහාභාගි වූ ප්‍රතම රැස්වීමේ දී, අපේනුත් ඒ ගැන ඇහුවා)

zසොයා ‘පද්ගතවීල්නම් ෆකුල්තියත් (පෙරසූදානම් කිරීමේ පීඨය​) යේ අප සමඟ භාෂාව ඉගෙන ගනී.

ඇය හා පිරිස අපට කලින් මෙහි පැමින සිටියත් ඔවුන් අප සමඟ එක් වුනේ මාස 3 කට පෙර දීයි.

zසෝයා නැවතී සිටියේ අප ලැඟුම් ගෙන සිටි ඒ ‘ෂැෂ්තොම් අබ්zශzෂීතිය’ (සයවන නේවාසිකාරය) යේම ‘ත්‍රිඒතම් එතාzෂ්’ (3 වෙනි මහල) ලේ ‘චිත්වියර්තම් කොම්නතා’ (4 වෙනි කාමරය) යේයි.

තරුණියක් කිව්වට, තවමත් ගැටවර විය පසු කරන zසෝයා වයස 17 ඉක්ම නොවූ නාඹරියක්. ඈගේ 17 පිරෙන්නේ එලෙඹෙන (1994) මැයි 12 වෙනි දිනටයි.

''සත්තයි කියන්නේ! තවම 17 වෙලා නෑ!‘’ කියල zසෝයාම කිව්වත්, කවුරුත් පිළිගන්නැති වෙයි.

භූගොලීය ලක්ෂනානුකූලවම පළල් මුහුනක් zසෝයාට පිහිටලා තිබුනත්, ශරීරය ඒ සාමාන්‍යයට විරුද්දව පෙනුනි.

උසින් මහතින් වැඩී සිටි zසෝයා පුෂ්ටිමත් ශරීරයක් ලබා සිටියාය.

පාසල් සමයේ zසෝයා මළල ක්‍රීඩවේ යෙදී ඇති බවට ඇගෙ ශරීරය සාක්ෂි දැරීය.

මුහුනේ කුරුළෑ සලකුනු ඇගේ රෝස දෙකොපුල්වල විශාලට පෙනුනි.

කලු රාමුවකින් නිමවුනු ඇගේ බෝතල් අඩි කන්නාඩි කුට්ටම, ඈට ගැලපුනි.

සෝබාවට ඇය සිටියත් බියක් නං ගෑවිලා තිබුන්නෑ.

zසෝයාට ‘ර’ ශබ්දය එන්නේ නෑ.’උක්‍රේන්’ කියන එකට කිව්වේ‘උක්ලේන්’ කියලයි,’ ශ්‍රී ලංකා’ ‘ස්ලී ලංකා’ය. ඊගර්ගේ නම වැරද්දුවේ නැති වගේ නම් මතකයි.

සිතට එන දේ එහෙමම පිට දමන, මුහුනට කතා කරන, තමන් ගැන අනුන් සිතන දේ ගැන අංෂුවකට මායිම් නොකරන zසෝයා,

අපූරු නිමවුමක්! අමතක නොවන චරිතයක්! සුන්දර මතකයක්! වශීකර සිනහවකට හිමි කාරියක් වූ zසෝයා බිළිඳියක මෙන් දඟකාරියක්.

ඇගේ ඇඳුම් පැළඳුම් ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැත්තේ, ඇය අඳින්න පළඳින්න පුරුදුව සිටියේ රුසියානු රටාවටම නිසාය.

අපේ පංතියේ සිටි චීන මලදියි (තරුණයින්) ඈ සමඟ එකින් එක කතා කරන්න බිය වූහ. (zසෝයා තම රටේ බල පුළුවංකාරකම් ඇති පවුලකින් පැමිනි එකියක් බව අපට දැනගන්න ලැබුනි)

තේජී සාමාන්‍යයෙන් තර්කවලට යන්නේ නැති එකෙක්. අපේ ‘'තාන්‍යා’ පවා සෞම්ය වචනයකින් මිසව ඈට කතා නොකරයි​.

ඇය සමඟ තර්කෙට ගියේ මායි ෆේජීයි පමනයි. ෆේජිගේ මුහුනට කඩා පනින zසෝයා මට එහෙම නොකලාය​.

දඟකාර කම නිසාම zසෝයා ක්ලාස් එකේ හැමෝගේම සැළකිලි තමා මත රඳවා ගත්තාය.

ඇය දක්ෂ ශිශ්‍යාවක්ද වූවාය. වයසට මුහුකුරා ගිය ස්වභා ලක්ෂන zසෝයාගෙන් නිතරම පෙනුනි.


සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 4

 "විසිනව​ වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 3


                                                   

මා හා උක්රේනු ජන ජීවිතය !

(පරිච්චේදය) 4

ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබන්න උක්‍රේනයට මම ආවාය කිව්වොත් ඔහේල මට හිනා වෙයිද මන්දා. එහෙමයි අපි ඒ දවස්වල කියා ගත්තේ.

මා උක්‍රේනයට පැමිනියෙ එලඹෙන ගිම්හානයේ දී විසාවක් අරගෙන එන්ගලන්තයට පැන ගන්න හිතාගනෙයි. ඒ දිනවල ගොඩක් දෙනෙක් උක්‍රේනයට ආවේ ඔන්න ඔය කාරනේටයි.

මා සමඟ ඔය ෆේජි පැමින සිටියෙත් ඕකටමයි. ඒ හේතුව නිසාවෙන්ම, ප්‍රශ්න ඇති කරන කාරනා වලින් හැකිතාක් ඈත්වී ඉන්නයි මා උත්සාහ කරේ. සාදයක දී ටිකක් තොල ගෑවත්, මම සල්ලාලයකු වගේ බොන්න ගියේ නෑ.

(සාදයක් නොතිබුනු දවසක් නැතිව තිබුනු එකයි ගැටළුවට තිබුනේ)

අනිත් කාරනා වලිනුත් මම ඈත්⁣ වෙලයි හිටියේ. ඒ කරුණේ දී මා ප්‍රතිපත්තියකුත් අනුගමනය කලා.

කාගෙත් පිළිගැනීමට අනූව, මා එහේ දී හොඳ ගති පැවැතුම් ඇති තැන්පත් චරිතයක්. එම හේතුවෙන්ම, පොදුවේ කවුරුත් මට ප්‍රියයි.

මෙහි දී කවුරුත් පිළිගත්තත් නැතත්, මේ කියන ඒ මොහොත වන තුරුත්, අවුරුදු 23 ක වයසකින් පසුවුනු මා, ලංකාවේ දී හෝ මාස 3 ක උක්‍රේන ජීවිතයේ දී හො වේවා ‘නොඉඳුල්’

වේලාව​: උක්‍රේන වෙලාව සවස 8.30

නියැලී සිටියේ,

‘ආගන්තුක සත්කාරයක් පිළියෙල කරමිනුයි, විශේෂ අවස්තාවකට ලක ලැහැස්ති වෙමිනුයි’

(දේවුෂ්කි (තරුණි) යන් දෙදෙනාම වයස අවුරුදු 18 කට වඩා නැති බව කියවුනා. ඒ උනාට උස මහතින් අම්මන්ඩිලා. තරුණියක් පැමින සිටියේ ඊගර් ගාවට නම්,

උක්‍රේනු ජන ජීවිතය

ඒ රැයේ දී එම තරුණිය තම මිතුරියව තනි කරයි නම්, ඒ කෙල්ල​? ඇය කොහේ නවතීවිද​? 'ඇය කරදරේ වැටැන්නැදද?' ලෙස හැදී වඩුනු පරිසරයේ ආභාශයට අනූව ප්‍රෂ්නයක් මකුවුනත්, එහෙම දෙයක් වෙන්නේ නැහ​.

තමාට ලැබෙන සුළු කාල අවකාශය තුල ඒකට පිළියමක් ඈ සොයා ගන්නීය.

කවුරුන් හෝ කෙනෙක් අනිර්වාර්‍යයෙන් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙනවාමයි. මොවුන් ඔවුන්ද එහෙනං? ලෙස අපට සිතුනත්,

ඒ ලෝප්‍රකට වචනය එහේ, ඒ උක්‍රේන රටේද, ඔවුන්ගේ භාෂාව තුලද ඒ අර්ථයෙන්ම කියවුනත්, මා එදා දුටු උක්‍රේන ජන ජීවිතයට අනූව, ඒවාට එහෙම මුද්‍රාවක් නෑ.

එහෙම මුද්‍රා තබනවා නම් මග ඇරෙන කෙනෙකුත් නැතුවා සේ. අප සංස්කෘතිය තුල විවාහයකින් පසුම සිදු විය යුතුයි සැළකෙන සමහර කරුණු, මල්වර වීමත් සමඟම උක්‍රේන තරුණියෝ කරගනී.

දෙමාපියන්ගෙන් හෝ ඔවුන්ගේ රජයෙන් ඕවාට බලවත් තහංචි ඇති බවක් දැනෙන්නටත් නොතිබුනි. 16 වඩා අඩු වයසේ ගෑණු ළමයෙක් රාත්‍රියක නවතා ගැනීම ඒ නීතියට අනූව වරදක් බව නම් දැනගත්තා

එනිසා, ඔවුන් අති සාමාන්‍ය දේවුෂ්කි(තරුණි)යන්‍ය​. කාලයක් ඒ පරිසරය තුල ජීවත් වුනු නිසාදෝ අපට ඔවුන්ව වපරැසකින් නොබැලුනි.

ඔවුන් ගෝස්ති (ආගන්තුක) ගෙන්වා ගන්න පුද්ගලයාට ඔවුන් වෙනුවෙන් උපරිමයෙන් වියදම් කරන්න සිදුවුනේ, එදින රාත්‍රි භෝජනයට අමතරව ෂැම්පේන් හෝ වොඩ්කා සමඟ සිගරට් කිහිපයක් පමනි

එදා උක්‍රේනෙය් තිබූ සරල ජීවිතයට අනූව වොඩ්කා බෝතලයක් අපේ මුදලින් රු 200 කට වඩා තිබුනද කියලා මගේ මතකේ නෑ. ෂැම්පේන් තරමක් මිළ බව නම් මතකයි

තරුණියන් පමනක් නොවෙයි, ස්වාමියන් ඇති zෂෙන්‍ෂිනි (ගැහැණියන්) පවා මෙලෙස ආගන්තුකයන් ලෙස පැමින යනවා සාමාන්‍යයයි

ඒවා එහේ සාමාන්‍යයකි. වානිජයක්/වෙළඳාමක් බඳුව දුටුවා මිසක් ආදරයක් සෙනෙහසක් මා නිදිටිවෙමි. ඔවුන්ව මට අගයෙන් නොපෙනුනි.

හැමදේම උක්‍රේන කියල මා හැඳින්වුවාට, අවුරුදු 26 කට පෙර, මා එහි සිටි ඒ කාලයේ උක්‍රාන්ස්කි (උක්‍රේනුවන්) පවා තමන්ව හඳුන්වා ගත්තේ රුස්කි (රුසියානුවන්) ලෙසිනි.

ඒ රුසියාවෙන් වෙන් වී සිටි අලුත නිසාම විය යුතුයි. පෙර දී ඔවුන් රුසියානුවන් නේ

ඉතින්, අහම්බෙන් ලැබුනු අවස්තාව ප්‍රයෝනයට ගන්න මා යුහුසුළුවෙන් සප්පායම් වෙමින් සිටියෙමි. උක්‍රේන කාන්තාවන් සාමාන්‍යයෙන්ම පියකරු (‘සුදු තමයි පියකරු’ ලෙස මා එදා හිතං හිටියා) නිසාද,

පලපුරුදු කම නැති නිසාද අහම්බෙන් ලැබුනු අවස්තාව වුනද ඉතා උවනාකමින් යොදවා ගන්න උත්සාහ ගත්තෙමි.

''අහම්බෙන් ලැබුන’’ බවක් සඳහන් කලේ, ඒකක් එක්තරා රාජකාරියක් වූ නිසයි, ඒ කාර්‍යය සඳහාත් තරමක වෙහෙසක් දැරිය යුතුව තිබුනි.

සවස් භාගයේ නා -ඌලිත්සේ (පාර තොටේ), පාර්ක් (උද්‍යාන) යේ ඇවිදමින්, පීවා(බීර​) බොමින් (හරියට මාළු දැල් විසිකරනවා වගේයි

අවස්තාව බලං ඉඳලා හරි එක්කෙනා හැඳිනගෙන ගෙන කතා බහ කර, හොස්ටල් එකට ගෝස්ති (ආගන්තුක) යන් කැන්දං ඒම තරමක වෙහෙසකාරි වැඩක්

තරුණියන්ට කතා කර, ඔවුන්ව පිලිසඳරකට හෝ රාත්‍රී භෝජනයක ඇරයුම් කිරීම ඒ රටේ සාමාන්‍ය කරුණක්ව තිබුනි.

ගෝස්ති ඇරයුම් කරන්නාට කිපීම් බැනවැදීම් වැනි කිසි දෙයක් ඔවුන් නොකරයි. සාදරයෙන් පිළිගැනීමට බැරිනම්, එය සාමාන්‍යව ප්‍රතික්‍ෂේප කරයි. නැති නම් වෙනත් දිනයක් ලබා දෙයි.

රුසියානුවන් බීර බොන්නෙ හරියට අපි වතුර බොනව වගෙයි, පේමන්ට්වල​, උද්‍යානවල, රීනක් (පොල​) වල​, කියෝස්ක් (පෙට්ටි කඩ​) වල​, අරහේ මෙහේ හැමතැනම ඕවා තියෙනවා.

මෙහේ වට්ටි අම්මලා ඉඳගෙන බුලත් විකුන්නන්නේ, අන්න ඒවගේ බාබුෂ්කි (මැහැල්ලී) ලා තැන තැන ඉඳං එහේ පීවා (බීර​) විකුනනවා.

ඉස්සර අපේ සමූපකාරවල බැරල්වලින් කරාමේ ඇරල ලාම්පු තෙල් දෙන්නේ මතකද​? එහේ සමූපකාරවල ඒ දවස්වල පීවා වික්කෙත් ඒ වගේයි.

ප්ලාස්ටික් භාවිතයක් නොතිබුන උක්‍රේනයේ අපි පීවා අරගෙන එන්නේ ලීටර් පහේ විශාල වීදුරු බොතල් වලයි, අපි එළ කිරි අරගෙන එන්නෙත් ඔය බොතල් වලයි.

මා එහේ දී දුටු විශේෂ ලක්‍ෂනයක් තමයි ශාක්‍ෂරතාවය, ඔවුන්ගේ ශාක්‍ෂරතා අගය ඉතා ඉහළ බවක් මට පෙනුනි. ලියන්න කියවන්න බැරි කිසි කෙනෙක් මා එහි දුටුවේම නෑ.

වයස 80ක විතර බාබුෂ්කියක් දේදුෂ්කෙක් වුනත් ඉතාමත් හොඳින් ලිවීම කියවීම කරයි. ගනු දෙනුවල දී ඔවුන් ගනන් හදන්න පාවිච්චි කලේ ''ඇබකස්'' ලෑල්ලයි.

බලන්න එපෑය අවුරුදු 90ක විතර ආච්චි කෙනෙක් 'ටික්, ටික්' ගාල ඇබකස් එකෙන් ගනන් හදන ලස්සන​.

අනෙක් ගැටලුව තමයි තරුණියන් සමූහයෙන් මුදවාගෙන ඒම​. තරුණියන් තිදෙනෙක් සිටියා නම්, ඒ තිදෙනාවම ගෝස්ති ගෙනියන්න ආදාල පුද්ගලයාට සිදුවෙයි.

එම නිසාම අපේ කට්ටිය ඇවිදීමට යන්නෙත් කිහිප දෙනෙක් එකතුවයි. වයස, ජාතිය, ආගම, වර්ණය, කිසිත් ඔවුන්ට ආදාල නෑ.

ආසන්න වනතුරුම කොමියුන්ට් වාදයේම රැඳී සිටි නිසාදෝ පොතේ පතේ උගත් දේ මිස ආගමක් දහමක් කිසිත් ඔවුන් නොදැන සිටියෝය.

ඒ දිනවල උක්‍රේන තරුණියන් zෂිමිලියාකී (සුජාතික) යින්ට වඩා ඉනස්ත්‍රානී (විජාතික) යින් සමඟ ඇයි හොඳයි කම් පවත්වන්නට කැමැත්තක් දැක්වූහ​.

සහවන්තයා මැදිවියේ හෝ මහළු වියේ වීම ගැන තැකීමක් නොතිබුනි. තමන්ගේම හැඩි දැඩි කඩවසම් තරුණයින් සිටියදී පිටස්තරයන් සොයා ඔවුන් ගියේ එතැන වඩා සතුටක් තිබේවි යයි සිතූ නිසයි.

විජාතිකයින් ලඟ මුදල් හදල් වැඩිපුර ගැවසුනු බව මතයක් එදා සිටි උක්‍රේනයේ තිබුනා. එදා තිබුනු සැබෑ තත්වය ඒකම වුනත්,

මා එහි සිටි 1994 වර්‍ෂය අවසන් වන්නටත් පෙරාතුව ඒ තත්වය වෙනස්වීගෙන යන බවක් මා හොඳාකාරව දැක්කා.

හැඩි දැඩි කියනකොටයි මතකෙට ආවේ, ඔවුන්ගේ හිටියා ''ෂහ්තියෝර්'' කියල හඳුන්වන පිරිසක්, ඌගල් (ගල් අඟුරු පතල්) වල සේවය කරන මොවුන් යෝදයෝ වගේයි.

දේහධාරී මොවුන් හරිම ශක්තිවන්තයි. අපට අතට අත දුන්නොත්, අපි කුඩා ළමයෙකුගේ අතක් අල්ලනවා වගේ ඔවුන්ට දැනෙනවා ඇති.

පොදුවේම රුසියානුවන්ට රළු කට හඬකුයි තිබෙනේ, මදිවට උගුරෙන් උච්චාරණය වන ඔවුන්ගේ භාෂාව, එකට තව තවත් රළු බව එක් කරයි.

කෙසේ නමුත්, පොදුවේම මනසින් ඔවුන් හරිම මෘදුයි, ඔවුන් මිත්‍රශීලියි, ආකල්ප අඩුයි. (ඒ සමාජවාදයේ ආභාෂය නිසාම විය යුතුයි

අපි කියන ඕනෑම බොරුවක් හිස මුදුනින් ඔවුන් පිළිගන්නවා. ස්ත්‍රී ආධිපත්‍යයක් මට ඉව වැටුනා. එහේ පිරිමීන් තමන්ගේ සත්‍රීන් ඉදිරියේ පූසෝ වගෙයි.

රාජ්‍ය ආයතනවල පාලන තනතුරු බොහෝමයන් ඉසුලුවේ සත්‍රීන් ලෙසයි මා දුටුවේ

නොකීවාට මොකද​, මිතුරන්ගේ පෙරැත්තය නිසාම මං ඉදිරිපත් වුනා මිසක්, ඔය කාරණය මගේ කැමැත්තම නොවුවෙය.

රියාල් ඕවා පස්සෙන් යන්නේ නැති එකා උනත්, ඇවිදින් මට කිව්වේ, උක්‍රේනයට ආවා නම් ඕවායේ අත්දැකීම් තියෙන්න ඕනෑය කියලයි.

ඒ රැය ගත කරන්න තමා වෙන කාමරයකට යන බවත් ඔහු පැවසුවා, ඒ මා දිරිමත් කරන්න තිබුනු උවමනාවටයි.

zසියාඩ් ගැන කියන්නත් ඕන නෑ, ඌ ඕවට මාස්ටර්. ඔහු මට ලෙක්චර් දෙන්න පටං ගත්තා.

ඊගර් නම් ආවේ ආදරේකට නෙවෙයි, නැත්නම් නම් මිනිහගේ වැඩේත් සුංනේ! ඒකයි.

'අහිංසකයෙක් නරක් කරන්න මුංගේ තිබුන උවමනාව යකෝ!

පව් කාරයෝ!

කොච්චර නැහැයි කිව්වත් ඉතිං, කුතුහලය කියන එකකුත් තියෙනවනේ. එයින් මෙයින් මමත් හා වුනා.

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 3

"විසිනව වසක් හද​ ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව​ සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු,  සුන්දර අතීතය තුල ​ඔබද රඳවාගන්නයි'

"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"

සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 2


ෆේජි !

(පරිච්චේදය) 3

ඕං ඉතිං කාමර අංක 4, කතාවේ හැටියට ඔය කාමරයේ ඉන්න ඕනේ මම නේ හරිනං! ඕං එහෙනං, ඔය කාමරය අයිති එක්කෙනා.

ඒ තමයි ‘රියාල්’ අපේ ලංකාවේ සම්මන්තුරේ පැත්තෙන් ඇවිත් හිටිය 'රියාල්' මට වඩා අවුරුදු අටකින් විතර වැඩිමල්.

රියාල් 'අකදේමියා'(ඇකඩමි) වේ මට අවුරුද්දක් ඉදිරියෙන් සිටියේ. කොට මහත​, කකුලේ තිබුනු ගල් තැලුම් නිසා අමාරුවෙන් ඇවිදින රියාල්​, පෙනුමක් ඇති පුද්ගලයෙක් නොවූවේය​.

ඔය කාමරය වගේම ඔය කාමරයේ තිබූ බඩු බාහිරාදිය​ සියල්ල රියාල්ගේ ඒවාම විය​. රියාල් අහිංසකයෙක්.

ඔය කෝම්නතය​(කාමරය​) රියාල්ගේ නම්, මම කොහොමද ඔතෙන්ට ආවේ​​? ඒ වග කියන්න නම්, තව විශේෂ පුද්ගලයෙක් ගැනත් කියන්න වෙනවා.

ඒ තමයි 'ෆේජි' (ඒ ෆේජී, තමාට තමාම තියාගත්තු නමක්) හැදුනු වැඩුනු ෆෙජීගේ වයස අවුරුදු 21යි. ආවේ අක්කරෙයිපත්තුවෙන්.

ෆේජීයි මමයි උක්‍රේනයට ආවේ එකටයි​. ෆේජිගේ අප්පච්චි පුත්තන්ඩියාව බලා ගන්න කියලා මටයි බාර දුන්නේ. ලංකාවේ දී ෆේජි හිටියේ නිකං හාවෙක් වගෙයි.

ආවායින් පස්සේ නේ වැඩේ තේරුනේ, ඕකා නාහෙට අහන්නැති එකෙක්.1993 දෙසෙම්බරයේ අකදේමියාවට ලියාපදිංචි වුනු අපි දෙන්නටම​ ලැබූනේ 3 වන එතාෂ්zෂ් (මහල​) යේ කාමරයක්.

ලංකාවෙන් අරගෙන ගිය බඩු බාහිරාදිය පිළිවෙල කරගෙන අපි එහේ නැවතුනා.

මේ ‘ෆේජී’ එක තැන හිටියේ නෑ, ආපූ දවසේ ඉඳලම මූ එහේ මෙහේ යනවා, බීගෙන ඇවිත් මග්නිතෆෝනය (හයිෆයි සෙට් එක) දාගෙන නටනවා.

රුසියානු අකුරක් ඉගෙනගෙන නෑ (රුස්කීන්ට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බෑ) රුස්කී කෙල්ලෝ කාමරේට එක්කං එනවා.​ සිංදු අහන්න, ජීවිතය විඳින්න මාත් කැමැතියි, ඒත් මූ වගේ බෑ.

මට ෆේජී එක්න ඉන්න එක වදයක් උනා. පියා බාර කලාට, මට බැරිවුනා ඕකව මෙල්ල කරන්න.​ කියන දෙයක් අහන එකෙක් නෙමෙයි මේකා.

ඕකා zසියාඩ්ට අන්තයි. ඇවිල්ල සතියක් යන්ට මත්තෙන් හැම දේම පටං අරං. වසවර්තියත් එක්ක සතියකට වඩා මට ඉන්න බැරිවුනා.

මම කාමරය ඔහුටම දීලා ගියා රියාල්ගේ කාමරේට​. දෙකාන් (පරිපාලක​) ට කියල කාමරයක් ඉල්ල ගන්නකං රියාල් එක්ක ඉන්නම් කියලයි මගේ අදහස තිබුනේ.

රියාල්ගේ අකැමැත්තක් තිබුනෙත් නෑ ඔකට, කොහොමටත් රියාල් අහිංසකයා නේ. මම රියාල්ගේ බඩු මුට්ටු පාවිච්චි කලා වගේම​ කෑම​ වියදමේ ලොකු හරිය මම කලා.

ඒක රියාල්ට සහනයක් වුනා, එයින් ඔහු සතුටු වුනු බවත් මට තේරුම් ගියා.

එහෙයින්, වරදකාරී හැඟීමක් නැතිව දිගටම එහේ නවතින්නත් ​මට පුළුවන් වුනා. අනික, අපි දෙන්නට අනෙක් උවමනාවනුත් නොතිබුනු නිසා, තනි කාමර සොයාගෙන යන්න තිබුනු උවමනාව මට නැතිවම ගියා.

පසු කාලෙක 'යානා' කියල පොඩි හුරුබහුටි කෙල්ලෙක් එක්ක ෆේජී යාළුවුනා. ඇය සමඟ කාලයක් ෆේජී එකට සිටිය බව මට මතකයි. සුදෝ සුදු බෝනික්කියක් වගේ හිටි යානා තම 14 වෙනි උපන් දිනය සැමරුවේ ෆේජී සමඟ ඔහුගේ කාමරයේයි. එම උපන් දින සැමරුමට අමුත්තෙක් ලෙස මාද සහභාගී වුනා.


(ඉතිරිය සීත උක්‍රේනයේ සුමුදු සැඳෑවක් 4)