"විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''
"මා මියයා හැකි මුත්, මගේ අතීතය මියයා යුතු නැත"
"විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''
"විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''
"විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''
"විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''
"විසිනව වසක් හද ගැඹුරෙහි මිහිදන්වූ, ආගන්තුක පරිසරයක, ජාත්‍යන්තරව සිදුවුනු ප්‍රේම පුරාණයක සිහිවටන, ඒ සැටිම ඔබ වෙත තිළින කරන්නේ, ඒ පසු වුනු, ඒ සුන්දර අතීතය තුල ඔබවද රඳවාගන්නයි''
(සත්‍ය සිදුවීමක් ඇසුරින්) |
මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!
‘සිහින දෙවඟනයි!
යථාර්තය!
(පරිච්චේදය) 8
සතියක් ගෙවී ගියත් අමායොගෙන් පිළිතුරක් මට නොලැබුනි. ඇමැතුම් ගැනීම මා සාමාන්‍යයෙන් නොකරන මුත් මා එයද කලෙමි. ඇගේ අංකය වැඩ නෑ, දුරකතනය නිවා දමා තිබුනි.
සතියකින් පමන පසු, රාත්‍රි නින්දේ සිටි මට ඇහැරුනේ, ඒ ශබ්දය නිසයි. වෙලාව බැලුවෙමි, මධ්‍යම රාත්‍රියේ 3 යි. ශබ්දය නිකුත්වුනේ මා අසල තබාගෙන නිදා සිටි මගේ දුරකතයෙනි. ‘එස්.එම්.එස්’ පනිවුඩ හඞයි.
වතාවක් දෙකක් නෙවෙයි තිස්තුන් වතාවක් එය නාද විය. ඒ පනිවුඩ 33 ක් පිළිබඳ කරන දැනුම් දීමයි. අරං බැලුවෙමි.
ඒවා අමායා මට එවා තිබුනු පනිවුඩ නෙවෙයි. ඒ මං ඇයට එවූ පනිවුඩ ඇයට ලැබී ඇති බවට, එහෙමත් නැත්නම්, ඇය ඒවා විවෘත කර ඇති බවට තහවුරු කරන ඇඟවීම් පෙළයි.
මට දිග හුස්මක් පිට විය. සතියක් තුල සැරින් සැරේ අමායාට මා එවූ කෙටි පනිවුඩ ඇයට ලැබිලාය.
එයින් එකුදු පනිවුඩයක් හෝ වචන 100 කින් අඩුව ඒවා නොවෙයි.
දැඩි සාංඛාව මැද්දේ, පෑරුනු සිතකින් මා ලියූ ලිපියන් තමයි කෙටි පනිවුඩයන් ලෙසින් මේ පාන්දර ජාමේ අමායා අතට පත් වී තිබෙන්නේ.
ඒ පනුවුඩ එකින් එක කියවන්න පැයක්වත් ඕනේ, ඒත් අමායා,,,
කියන කියනකොටම,,,
‘හරියට පැය බාගෙකින්,
මා බලාපොරොත්තු වූවා සේම,
කෙටි පනිවුඩයක් ලැබින,
ඒ අමායාගෙන්මනි!
'තනි වාක්‍යයක්!
යොමුකල ප්‍රශ්නයක්!
හදවතට දැනිනි!
අමයා හදවතින් කතා කර තිබුනාය!
ප්‍රතම වතාවට!
“ඔයාට විකාරද?”
සමාප්තයි…
පසු වදන,
‘දෙවඟන’ කතාවේ මා යොදා ගත්තේ, ශීර්ෂය සරසන්නත්, කතාවේ අලංකරණය පවත්වා ගන්නත් තිබුනු උවමනාව නිසයි. දෙවඟනුන් පිළිබඳ මගේ පිළිගැනීම එයම නොවෙයි.
*මේ කතාවේ එක් විශේෂ දෙයක් තියෙනවා, තේරුන කෙනෙක් ඉන්නව නම්, ප්‍රතිචාරයකින් කියන්න. හිතට එකඟව පිළිගන්නම්.
සමාප්තයි.
(සත්‍ය සිදුවීමක් ඇසුරින්) |
මගේ සිත දුටු, නෙත නුදුටු, සිතේ රජයන 'සිහින කුමරියයි!
‘සිහින දෙවඟනයි!
ප්‍රතම හමුවීම!
(පරිච්චේදය) 7
ඒ ඉරුදිණ උදාවිය,
‘තෑග්ගක් ගන්න උමනා වූ තිබුනු නිසා, කාලය ටිකක් ඉතිරිව තියාගෙනම මම නුවර ගියා!
‘අමායා මොනවා එපා කීවත් රත්තං වලට ගැහැණු කොහොමත් ආසයි නේ!
‘චේන් එකකුයි, A අකුර කොටාපු පෙන්ඩන් එකකුයි මහනුවරින් මං ගත්තා’
‘අග හිඟ කං මට තිබුනත් අමායා වෙනුවෙන් මේ දේ කරන්න මට ඕනම වුනි’
‘ඒක මට සතුටක්!
“අනික හිස් අතින් යන්න පුළුවන්ද පළමු වතාවට? කොච්චර එපා කීවත් බලාපොරොත්තුවක් තියේවිනේ” කල්පනා කලෙමි.
අහවල් දිනට හමුවෙන්නට එන බව පවසමින්,
“ඔයාට මගෙන් මොනාද ඔනේ” ලෙස මා ඇසූ වේලේ,
“ඔයා විතරමයි” ඇගේ පිළිතුරයි.
‘නැවතත් මා ඇසූ විට’
“ඔයා විතරමයි” අමායා කීවාය.
(පේරාදෙණිය වටරවුම පහු කරගෙන ගලහ පාරට අතුල් උනා විතරයි, පරිසරය එහෙම් පිටින්ම වෙනස් විය. ඈතක නොවෙන්න පාර දෙපැත්තෙම වවා තිබුනු පයින් ගස්, කොන්ඩේ දනහිස තෙක් වවාගෙන හිටං ඉන්න යොදියෝ වගේ පෙනිනි)
“මට මොනාද ඔයා දෙන්නේ” ලෙස මා ඇගෙන් ඇසූ විට,
“අමතක නොවන දෙයක්” තනි වාක්‍යකින් පිළිතුරු දුන්නාය.
‘ඇය මට මොනව දෙන්න තබාගෙන ඉන්නවා ඇත්ද? කුතුහළය හිතේ තබාගෙන වාහනය පදින්න විමි’
(පේරාදෙණිය බැලූ බැලූ හැම අතෙම කොළ පාටින් දිස්විනි. සරුවට වැවුනු ලොකු පොඩි ගස් වැල්, වටකරගෙන තිබුනු කොළ පාටින්ම පෙනුනු නකල්ස් කඳුවැටිය, පේරාදෙණියටම ආවේනික ඒ සෞම්‍ය පරිසරය, ගත සිත කළඹන්න විය)
'අමායා මාව පිළිගනීවිද? චකිතය, මා අතැර ගියේම නෑ.
(පොකුනක් සහිත විශාල වටරවුම මා පසු කලෙමි. දීගට අතු බෙදී තිබුනු ‘ලෝප්‍රකට’ අර ගස මට හමුවුනි)
විශ්ව විද්‍යාල පරිශ්‍රයට මා ඇතුලු වී සිටියෙමි.
පේරාදෙණි වාසිටිය, උද්‍යානයක්ව පෙනුනි.
‘තැනින් තැන, සෑම තැන කෙළිලොල් වියේ පසුවන තරුණ තරුණියෝ!
‘බැගයන් කරේ එල්ලං උකුළු මුකුළු පාමින් ඇවිදං යන තරුණියන්!
‘එකිනෙකාට විහිළු කරමින් කෑ කෝ ගසන තරුණයන්!
පරන සරමක් පාට සේදුනු කමිසයක් ඇඳගෙන පරිසරය සුද්ද පවිත්‍ර කරන සෙවකයන්!
‘සාරියක්, ෂල්වාරයක්, කලිසමක් ෂර්ට් එකක් පැළඳ ඉක්මන් පයිං යන දෙශක දෙශිකාවන්!
(ලැජ්ජාවක් දැනුනත් නොකියා බැරි නිසාම, මා අද පැමිනියේ බිරිඳගේ ‘ටවුන්ඒස්’ වෑන. එකෙන්)
‘මා හිල්ඩා ශාලාව අසලයි’
(හිල්ඩා ශාලාව’ අමායා මට සළකුනක් හැටියට කියූ තැන)
‘අංගනයේ වෑන් රථය නවතා, මා බැස ගතිමි’
‘වට පිට බැලුවේ, මිනිස්සු ඉන්නවද බලන්නයි’
“නොදනින් යකෝ! මිනිස්සු නොඉඳීවියැ වාසිටියක් උනාම?”
(ඒ, මගේ යටිහිත මගේ හිතට බැන වැදුනු ආකාරයයි)
‘මං අද හොරෙක් වගේ දැනුනි!
‘මගේ වාසනාවට දෝ කොහේදෝ එතරම් සෙනඟක් හිටියේ නෑ අද!
‘අද ඉරිදා නේ? සැනසීමෙන් කියවිනි.
‘කවුරුත්ම නොහටිය නම්!
‘හදිස්සි උවමනාවක් නිසා අමායා ගෙදර ගිහින් තිබුනා නම්!
“මොකටද ආවේ” කියල, ලෙක්චර්ස්ලා මගෙන් අහයිද?’
(ඔය වගේ ගොන් සිතුවිලි කාලෙක ඉඳන් මට තියෙනවා)
‘සිතේ ගැස්ම වැඩි වන්නට විය!
‘පපුව ගැහෙන්න විය!
‘මං කරන දේ හරිද?
‘අමායා පොඩි ළමයෙක්නේ?’
‘මිනිස්සු මොනව හිතයිද?’
(සාදාරන ප්‍රශ්න)
‘මිනිසුන්ගෙන් මට වැඩක් නෑ!
‘ඇය කැමැතිනම් මට එච්චරයි!
‘ලෝකෙම එරෙහිවුනත් මට කමක් නෑ!
(හිත හදා ගන්න මා කල උත්සාහයයි ඔය)
‘එපා කියයි වත්ද?
‘ආපහු හැරිලා යමුද නැත්තම්?’ කියලත් මට සිතිනි,
(කලිනුක් මං කීවේ, කාලෙක ඉඳන් මට ඔය ගතිය තියෙනවා කියලා)
‘අමායා තම ‘ෆොටෝ එකක් mms එකෙන් මට දාලා, මගේ එකකුත් ඉල්ලා හිටියා, එය දීමෙන් එදා මා වැලකුනේ, 'ෆොටෝ එකෙන් දැකලා, අමායා මාව එපා කියයි’ කියල බයක් දැනුනු නිසයි’
‘මගේ බලාපොරොත්තුව ඇගේ සිත මිස වෙන කිසිවක් නොව!
‘සිත සතුටු කරන ආදරයක උවමනාවයි මට තිබුනේ!
‘අමායාට තිබුනේ වයසට වඩා මුහුකුරා ගිය මනසක්!
‘අන්න එයයි මගේ උවමනාව!
‘හිල්ඩා ශාලාව දෙසට සීරුවෙන් ඇවිදින්න විමි!
‘මීටර් 100 දුවන තැතිගැස්ම මට තිබිනි!’
(සුසන්තිකාලා, ජයසිංහලා, උසේන්ලා බෝල්ට්ලා, කොච්චර වදක් විඳින්න ඇත්ද? කියලත් මට සිතිනි)
‘දිව කට වේලිලා!’
මැද්දේ විශාල පිවිසුම් දොරක් තබා තට්ටු දෙකකට එය තනා තිබුනි. අර්ධ නවීනව පෙනුනු ‘හිල්ඩා ශාලාව’ දොර ජනේල් සිමෙන්ති වලින් කැටයම් කර තිබුනි.
පඩි තුනක පය තබා ඇතුල් ඇතුල්විය හැකිව තිබුනු හිල්ඩා ශාලාව වටා කොන්ක්‍රිට් පොලොවකි. එයින් ඔබ්බට පිට්ටනියක්, එහි තකකොළ වවා තිබුනි.
තැනින් තැන මල් පොච්චි තබා බෝගන්විලා වැල් සිටුවා තිබිනි. පිළිවෙලකට තබාගෙන තිබුනු ඒ පරිසරය මනරම්‍යව තිබුනි.
'එළිමහනේ තිබුනු කොන්ක්‍රීට් බංකුවක!
‘පින්තූරයේ සිටි ඈ අසුන්ගෙන සිටියාය!
ඒ අමායාම බව නිසැකව මා හඳුනා ගතිමි!
ඩෙනිමකින්, රෝස පාට මල් දැමූ සුදු ටොප් එකකින් සිටි අමායා බිම බලාගෙන කල්පනාවක ගිලී සිටියාය.
පළමු හමුවීම නිසා, තැති ගැස්ම වෙන්ටැති’ මට සිතුනි.
මට වාගේ ඇයටත් තියේවි නේ? මාව සමාදාන කර ගතිමි.
මගේ සුපුරුදු ඇඳුම ‘ඩෙනිමයි ‘ට් ෂර්ට්’ එකකුයි මං ඇඳගෙන ආවේ පහසුව තකයි.
'මා අසලට පැමින සිටීම අමායා දුටුවෙ නෑ!
'අමායා තමාගේ කල්පනාවේම ගිලී සිටියාය!
‘මගේ චලනය නිසා ඇගේ කල්පනාව බිඳිනි!
‘තිගැස්සී හැරුනාය!
‘මා දෙස බැලුවාය!
‘විපරමින් බැලුවාය!
‘කල්පනාවේ කිරණ මුහුනේ පුරා දිවින!
(ඩිග්ඩිග්ඩිග්ඩිග්ඩිග්,,,පපුව නවතින්න වගෙයි)
‘මුහුන වෙනස් වූ බවක් පෙනිනි!
(‘ඩිඩිඩිඩිඩිඩිඩි,,,මගේ හදේ ගැස්ම උපරිමයට ගිය හැටි)
‘හඳුනගෙන බව නම් තේරුනා!
ඒත්?
???
‘පිළිගැනීම?
‘මොන වගේ එකක් වෙයිද?’
'සිනහ රේඛයක් මතුවිය!
‘මඳ සිනහවක්!
‘එය ඉස්මතු විය!
‘මුහුන පුරා පැතිරින!
‘ඇස් විශාල විය!
‘ආලොකමත් විය!
‘සතුටින් බව පෙනිනි!
‘විශ්වාසයක් පෙනිනි!
‘ඇස්වලින් පෙනිනි!
'ඒ සිනහ මුසුවම ඇය මා පිළිගත්තාය!
‘මා අනුමත කලාය!
‘ අමායා මා පිළිගෙනය!
‘මීටර් සීය දින්න වගේ මට තිබුනි!
‘ඩ්ඩිග්ග්,,ඩ්ඩිග්ග්,,,ඩ්ඩිග්ග්,,,හදේ ගැස්ම ක්‍රමක් ක්‍රමයෙන් පහත වැටෙනවත් දැනුනි!
‘ඉඳ සිටි බංකුවෙන් අමායා නැගිට්ටාය!
‘මා වෙත හැරුනාය!
‘කෙටි පියමං තබමින් සෙමෙන් සෙමෙන් මා වෙත ඇදෙන්න වුවායා!
‘කැට් වෝක්’ එකක් බලනව වගෙයි මට තිබුනේ. උස අඩි සෙරෙප්පු පැළඳි අමායා, තමා පය එකින් එක පිළිවෙලකට තබගෛන, ඉදිරියට එනකොට එහෙමයි පෙනුනේ!
“ඉතිං ඇගේ ගමන් විලාසය ලස්සනයි” කියන එකයි මං කිව්වේ’
‘අමායා සිටියේ මගෙන් අඩි දහයක පමන ඈතකිනි.
“ඇය ආකර්ශනීයයි”
ඒ කියවුනේ, ඇගේ පියකරු බව නිසා විතරක්ම නොවෙයි. ඇගේ තොරා බේරා ගැනීමේ, නිගමනයනට ඒමේ මනොශක්තිය නිසයි.
‘අමායා පිංතූරයකින් හෝ මා දැක නොතිබුනාය, නමුත් දුටු ප්‍රතම වතාවේම, වචනයකු හෝ කතා නොකර, මා අසවලාම බව ඇය නිගමනයට ආවේ, ඈට තිබුනු ඒ විශේෂ හැකියාව නිසයි!
‘අමායා’ සැබෑ ලස්සනයි!
‘දිගටි ඇගේ මුහුන!
‘ඇගේ නේත්‍රා යුගල!
‘කොපුල්, කන්, නාස සියල්ලම!
‘මා ෆොටෝ එකෙන් දැක්කාට වඩා ලස්නයි!
ෆොටෝ එකකින් කෙනෙක්ගේ හරි පෙනුම බලන්න බෑ. එය අඩු වැඩියෙන් පෙන්නනවා.
‘ඇගේ පෙනුම අඩු කරලයි පිංතූරේ මට පෙන්නුවේ!
‘පින්තූරෙන් ඔබ්බට ගිය!
‘මගේ සිතේ තිබුනු ඒ රූපයම!
‘අමායාට තිබුනි!
‘සරිලන උසකින් හීන්දෑරිවට!
‘තරුණියකුට තිබිය යුතු කරුණු සියල්ල අඩුවක් නැතිව, ඒ ඒ අකාරයනටම පිහිටා!
‘අමායා පරිපූර්ණව සිටියාය!
‘ඈත ඉඳන්ම ‘හායි’ කීවාය!
‘ඇගේ ඇස්වල කාන්තිය එයින් මා දුටුවෙමි!
‘පිංතූරේ දැක්කාට වඩා ඒවා විශාලයි!
‘ඇගේ කට හඞත් මිහිරියි, නමුත් සිතේ තිබුනට වඩා ටිකක් බරවයි!
‘ඇගේ ලස්සන එකින් එක මා විඳින්න විමි!
මං හිටියේ මනෝ ලෝකෙක වග මට තේරුනේ, අමායා මගේ අසලටම පැමින ඇගෙන් හැමුනු කුමක් හෝ කොලෝඞ් සුවඳක් මගේ නාසයට දැනීමෙනි!
‘අමාය මා ඉදිරියේම!
‘අපි කිසිත් කතා නොකලෙමු!
‘එකිනෙකා දිහා බලාගෙන පමනක් අපි සිටියෙමු!
‘ආදරයෙන් බලා සිටියෙමු!
‘සෙනේහෙන් බලා සිටියෙමු!
‘ප්‍රේමයෙන් බලා සිටියෙමු!
(ඒ බැලූ තුන් බැලිල්ලම එකයි වග මට පසුවී තේරුනි)
‘ඇය මගේ අතකින් අල්ලා ගත්තාය!
‘අනිත් අතින් එය පිරිමදින්න උනාය!
‘මං ඈ කරන කියන දේ බලා සිටියා මිසක් මුකුත් කරන්න කියන්න ගියේ නෑ !
‘අසල තිබුනු බංකුවක් පෙන්නා, එහේ මා එක්කං ගියාය!
‘එහි මා ඉන්දන්න සැලැස්සුවාය!
‘ඈව අනුගමනය කලෙමි!
‘සැපහසුවට මා එහි හාන්සි කර ගත්තාය!
(නොකීවට මොකෝ? අද දින එය මගේ ප්‍රමුඛ අවශ්‍යතාවත් ඒකයි)
මාද ඇගේ කැමැත්ත පරිදිම, හරි බරි ගැහී බංකුවේ හාන්සි වුනේ, ඇයට හීලෑ පූස් පැටියෙකු වගෙයි!
‘මගේ දුරකනය මගේ අතේම විය. යමක් මා දැනුවත් කරන්න අමායා එවූ අවසන් පනිවුඩය බලන්න මා අතට ගත්තු එය, තාමත් අතේමය’
‘අසල බංකුවේ අසුන් ගෙන කතාබහේ යෙදෙමින් සිටි තරුණ ජෝඩුවක් දැක මට ලැජ්ජාවක් ඇතිවිය.
‘ඔවුන් අපි දිහා බලනවත් ඇති’ ලෙස මට සිනිනි.
‘ඔවුන් මං ගැන මොනවා හිතනවා ඇත්ද?’ ලෙසත් සිතිනි.
අමායාට නං කිසි ගානක් නෑ. ඇය ඔවුන් ගැන මායිමකටවත් ගත්තෙත් නෑ, ඔවුන් දිහා ඇය බලන්න ගියෙත්. “ඒ තමයි අමායා” ඒ අමායාගේ විශේෂන ගුණයන්ගෙන් එකක්’
ඒ සිටි යුවලේ තරුණයාගෙන් සාමාන්‍යයට විරුද්ද දෙයක් මා දුටුවෙමි. පුරුද්ද නිසාද නැත්නම් නිකමටද බව මට නොතේරිනි.
‘ඔහු ගීත රස විඳින්න උනේ ශබ්දටයි.
ඔහු ගීත රස වින්දේ, තම දුරකතනයේ ස්පීකරය දමාගෙනයි. ඔහු අසමින් සිටියේද පැරණි එවායි.
‘මගේ තරුණ කාලේ ඒවායි!
‘විවිදවූ ලොකයේ විවිද වූ මිනිස්සු’ ඉබේට කියවිනි.
‘දහවල් එකොලහයි වෙලාව!
‘ප්‍රසන්න පරිසරය ඇඟට සනීපව තිබුනේය!
‘අමායා මා ඉදිරියට පැමිනියාය!
‘ඇගේ මුහුහු මගේ පපු ප්‍රදේශයේ ගෑවී නොගෑවී තිබිනි!
‘අප තවමත් නිශ්ශබ්දවයි!
‘අපේ ප්‍රතම හමුවේ වචන හුවමාරුවක් තව වන තුරු සිදුවුනේ නෑ!
‘එය එහෙම කරන්න අප දෙදෙනාම අධිඨං කරගෙන ආවද මන්දා!
‘ඇයිද කියන්න දන්නෑ!
‘අපි කතා නොකලෙමු!
‘ඇස් වලින් පමනක් අපි කතා කලෙමු!
‘අමායාගේ ඇස් දහසක් දේ මට කීහ!
‘මුවකින් කියනවට වඩා ශබ්දවටයි!
‘ඉතා පැහැදිලිවයි!
‘ඔබ මා සිතේ මවාගෙන සිටි ‘අරෂ්’ මයි!
ඇගේ ඇස් මට කී සුභාරංචි දුන්හ!
‘ඇගේ ඇස් වල තිබුනු අධිතර කාන්තිය!
‘මගේ ඇස් පියවන්න තරම් විය!
‘ඒ ඇස් එක දිගටම බලාගෙන ඉන්න මට බැරි විය!
‘ඇස් පියවිනි!
‘සැබෑවටම පියවිනි!
‘මගේ රුචියටම පසුබිම් සංගීතයකුත් තිබුනු හින්දා, ආයේ අහන්න දෙයක් යෑ!
එය ඒ ලෙසම සිදුවුනි!
‘අමායාගේ හුස්ම මගේ පපුවේ දැවටෙනවා මට දැනිනි!
‘මගේ මුහුනේද දැවටිනි!
‘මගේ බෙල්ලේ කනේ හැම තැන එය දැවටිනි!
‘ඇගේ උනුහුම් හුස්ම පරිසයේ සීත සුළං සමඟ සම්මිශ්‍රවී මගේ ශරීරය පුරා සිසාරන්න විය!
‘මට සනීපෙට දැනුනි!
‘ඇය යමක් කියනවාද මට ඇසිනි!
'හීන් හඞකින් කීවාය!
‘අමායා මගේ වම් උරහිස පිරිමදින්න උනාය!
‘ඇය කියූ දේ මට පැහැදිළි නොවීය!
“සිහිනෙන් සිහිනෙන්,, මා හඞවනවා,,,මා හඞවනවා,,,
සැබෑ ලොවේදී ඔබ,,,මා නෑ මුණගැසිලා,,,නෑ මුණගැසිලා,,,
නෑ…”
‘කාලෙකින් අහන්න ලැබුනු නාමල් උඩුගමගේ ගීතය, තරුණයාට සිතින් ස්තූති කලෙමි!
‘මගේ උරහිස අමායා තදින් හොල්ලන්න වූවාය!
එවර ඇය කියන දේ මට දැනුනා වගෙයි!
‘‘නැගිටින්න, නැගිටින්න’’ කියනවා විතරයි මට එයින් මට තේරුනේ!
මගේ උරහිස සොලවා සිටි අමායා එයට පහරක් දෙකක් ගසන්නත් පෙළෙඹුනාය!
“නැගින්න! නැගින්න අනේ! මොකක්ද ඔයාට වෙලා තිනේනේ” ලෙස ඇය තරහකින් මට තරවටු කරන්නවත් මට දැනිනි!
‘මගේ ඔලුව ඔල්මරන්ඥං විය!
බයිස්කෝප් එකේ ලව් සීන් එකක් දුවන අස්සේ, ගැලරියේ ඉඳන් ලවුස්පීකරයකින් මොනාදෝ කියනවා වගෙත් යමක් මට ඇසිනි!
‘මට ඇහැරුනි!
‘අමායා නොසිටියාය!
‘කොන්ක්‍රිට් බංකුව නෑ!
‘තරුණ ජෝඩුව එහා බංකුවේ නෑ!
‘කැම්පස් එකක් එතන නෑ!
ම්ම්ම්ම්ම්,,??,$&$@&???
‘උඩ බැලුවෙමි!
‘බිම බැලුවෙමි!
‘ඇහ වටේම නැරකුවෙමි!
‘ඉඳං සිටි තැන බැලුවෙමි!
‘තේරුනි!
‘සියල්ල තේරුනි!
‘මගේ ආදර බිරිඳ මා ඉදිරියේ සිටගෙන සිටියාය!
'රවාගෙන හිටියාය!
‘නොසනසුන් බවෙන් පෙළුනාය!
‘අපේ ගෙදර සොෆා සැටියේ මා ඉඳගෙන හිටියෙමි!
‘හරි බර වී එහි හාන්සි වී හිටියෙමි!
‘මට ඉහළින් කැරනේන වූ ෆෑන් එකේ හුළඟ කෙලින්ම වදින්න උනේ මටයි!
මගේ ඉස්සරහින් තිබුනු ටී. වී එකේ,
“දෙතන රැඳී,,, අප දෙදෙනා,,, අද තනි වෙනවා,,,,ආආ,, සිත,, සසලනවා,,,ආආ”
ගීතයේ අවසන් පද පේළිය‘නාමල් උඩුගම’ ගයමින් සිටියේය!.
ගැලරියේ මොනවදෝ කියෝමින් හිටියේ මගේ බරිඳයි, ඇය කියාගෙන හිටියෙත්,
“ඒක නේ කියන්නේ දවල්ට නිදා ගන්න එපා කියල”
“මොනවද ඔයා කර කර හිටියේ, ‘මිස්ට බීන්’ වගේ”
‘මම දවල් හීනයක ඉඳ තිබුනෙමි!
‘ලැජ්ජාවෙන් ඇඹැරුනෙමි!
“ටවුමට කතා කලාම එන්නෙත් නෑ, දවල් නිදාගෙන මෙතන කෝළං කරනවා” තවත් මොනාදෝ කියමින් ඇය ගස්සගෙන ගෙතුලට ගියාය.
‘නිවාඩු දවසනේ, උදේට කාලා අවිල්ල, ටී.වී එකත් දාගෙන සැටියේ ටිකක් හාන්සියෙන් ඉඳගත්තා. මට නොදැනීම නින්දක් ගිහිල්ල. දිගටම මහන්සි වෙන හින්දා නිවාඩුවක් ලැබෙන දවසට තෙහෙට්ටුවටත් එක්ක ඔහොම තමා,,, ආආ,,’
තෙහෙට්ටුට වඩා,,,!
‘මතක් වුනි!
‘අතේ බැලුවෙමි!
මගේ ජංගම දුරකතයේ සටහන් වෙලා තිබුනු අමායාගේ අවසන් පනිවුඩය තිබුනි!
‘එය අරං මා නැවතත් කියෙව්වෙමි!
‘‘අනේ පන, මට ලැබුනේ කරාපිටිය නේ” එයයි අමායගෙන් මට ලැබුනු අවසන් පනිවුඩය!
‘මගේ බිරිඳ මට රවාගෙන ගේ පුරාම ඇවිදිනවා මට පෙනුනි’
‘ඉක්මන් ගමන නිසා මතුවූ ඇගේ ගෙවුනු සෙරෙප්පුවේ හඞ, සාලය පුරා පැතිර ගොසින්,
මගේ කන් අඩි සොයා ඇවිත්, ඒ තුල 'රූන්ගාර' දෙන්න වුනේ, ආදරයෙන් කොඳුරන්නාක් විලසනි.